කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ 23 හැවිරිදි තරුණයෙකු ඇයගේ නිරුවත් ඡායාරූප සැමියාට යවන බවට තර්ජනය කර ඇයගේ රන් ආභරණ බලහත්කාරයෙන් රැගෙන යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ මීගමුව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර සිටියි.
පරීක්ෂණවලට අනුව සැකකරු විසින් කාන්තාව හෝටල් කාමරයකට රැගෙන ඔවුන් එකය සිටියදී ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇත. පසුව සැකකරු විසින් නිරුවත් ඡායාරූප කාන්තාවගේ සැමියාට පෙන්වන ලෙස තර්ජනය කරමින් කාන්තාවගෙන් රුපියල් 1,785,000ක් වටිනා රන් ආභරණ බලෙන්ම රැගෙන ගොස් ඇත.
ඇයගේ පැමිණිල්ලෙන් පැය කිහිපයකට පසු මීගමුව ගෝමස්වත්ත ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් සොරාගත් රන් මාලය මීගමුවේ වෙළදසැලකට විකුණා තිබියදී ග්රෑම් 04ක් බරැති රන් කැබැල්ලක් ලෙස සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.







