බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70ක්… උත්සවයට ඉන්දවපු මොඩලර්ස්ටලත් ගෙවලා… දැන් චෙක් එක ලියාගන්න බෑ… බොරුයි කිව්වොත් පාර්ලිමේන්තුවෙන් ඉවත් වනබව චාමර සම්පත් කියයි…

by editor
ජනවාරි 9, 2025
in පුවත්
Chamara
Share on FacebookShare on Twitter

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවය සඳහා වියදම් කළ මුදලට ගීත ගායනය සඳහා ලක්ෂ 02ක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ 08ක්, උත්සවයට ගෙන්වා ඉන්දවූ නිරූපිකාවන් සඳහා 15000 බැගින්,  වෙබ් අඩවියට ලක්ෂ 21, ලෙස ඇතුළත් බවත්, සංග්‍රහ ඇතුළු සියලුම වියදම් රුපියල් ලක්ෂ 70ක් නමුත් එම ලක්ෂ 70ක චෙක් පත ජනාධිපති කාර්යාලයෙන් ලියා ගන්නට නොහැකි තැනට මාලිමා ආණ්ඩුව පත් වී ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේය.

මේ කතාව බොරුවක් නම් තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත්වන බවත් මෙම ගෙවීම් සම්බන්ධ සියලුම දත්ත ඉදිරියේ දී සභාගත කරන බවත් මන්ත්‍රීවරයා කීවේය. ඔහු පැවසුවේ නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර කළ මෙම වියදම ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරීවරයා විසින් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවය. මන්ත්‍රීවරයා කීවේ මෙවැන්නකි.

“වැඩසටහනට අපි කකුලෙන් අදින්නේ නෑ. අද චෙක් එක ලියා ගන්න බෑ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති කාර්යාලයේ තිබුණ වැඩසටහනේ ගායකයා වික්‍රමසිංහට…. සංගීත් වික්‍රමසිංහට ලක්ෂ දෙකයි. ගීතය හදන්න ලක්ෂ 08යි… වෙබ් සයිට් එකට ලක්ෂ 21යි… ඒ විදිට ලක්ෂ 70ක් වියදම් කරලා තියනවා උත්සවයට.”

“ඒ ලක්ෂ හැත්තෑව වියදම් කලේ නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනයය කරන්නෙ නැතිව. පුලුවන්නම් කියන්න ජනාධිපති ලේකම් කාර්යාලයෙන්… ඉදිරිපත් කරන්න පුලුවන්නම්. මම දැන් අයින් වෙනවා පාර්ලිමේන්තුවෙන්. ලක්ෂ 70ක චෙක් එක එකවුන්ට් බ්‍රාන්ච් එකෙන් ලියන්නෙ නෑ.”

“ඊලඟට මොඩලර්ස්ලා ගෙනත් තියනවා රුපියල් පහළොස් දාහ ගානේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ වාඩි කරවන්න. පුලුවන්නම් නෑ කියන්න. උත්සවයේ වියදම ලක්ෂ 70යි. තාම ලියාගන්න බෑ ඔයගොල්ලන්ට. වියදම් කරපු චෙක් එක තවම ලියා ගන්න බෑ. මොකද කියලා තියෙන්නේ. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“නිසි ක්‍රමවේදය අනුගමනය නොකර වියදම්, සංග්‍රහ වියදම් ඇ.තුළු මුළු වියදම ලක්ෂ 70ක්. ඔයගොල්ලන්ට ලක්ෂ හැත්තෑව ගෙවන්න වෙන්නේ පැලවත්තේ තියන අරමුදලින් තමයි. එකවුන්ටන් ලියන්නේ නෑ ජනාධිපති කාර්යාලයේ චෙක් එක. ඉතින් පටන් ගන්නකොටම වැඩේ ෆේල්.   ඔයාලා ටෙන්ඩර් පටිපාටියක්වත් දන්නේ නෑ.”

“ඒ වගේම ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවන්න බෑ. ජනාධිපති කාර්යාලයෙන් ව්‍යවස්ථාපිත අරමුදලක් පිහිටුවන්න බෑ. පිහිටුවනවා නම් ඕගොල්ල පාර්ලිමේන්තුවට ගේන්න. ජනාධිපති ක්ලීන් ශ්‍රී ලංකා අරමුදල පිහිටුවනවා නම් ඔයගොල්ල පාර්ලිමේන්තුවට ගේන්න. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතින් නවත්තල තියෙන්නේ ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවීම.”

“මේ සැරේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් හරහා තමයි අරමුදල පිහිටුවලා තියෙන්නේ. ඔයාලට බැරිවුනා ජනාධිපති කාර්යාලයේ ක්ලීන් ශ්‍රි ලංකා අරමුදල පිහිටුවලා තියෙන්නේ. තව කවුරුත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට උදව් කරලා නෑ. අපට මඩ ගහන්න එපා.”

මේ අවස්ථාවේ දී නැගී සිටි සභානායක බිමල් රත්නායක එම එක් එක් ගාකයන්ට නිරූපිකාවන්ට වෙබ් අඩවියට ගෙවූ මුදල සම්බන්ධ ලේඛන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. මන්ත්‍රීවරයා කීවේ එම තොරතුරු සභාගත කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක දැලයි… මඩු මාළු කිලෝ 8000යි… වටිනාකම ලක්ෂ 75යි… මාළු තොගය  ලක්ෂ 60කට මුදල් වෙයි…

Next Post

“වචන වරද්දගෙන වැඩේ වල් කරගන්න එපා… ඔබතුමා දැන් සෞඛ්‍ය ඇමතිනේ සර්”… චාමර සම්පත් සෞඛ්‍ය ඇමති නලින්දට හරියටම කියලා දෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.