ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවා ඇත.
එහි තරග කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ගවනර්ස් කුසලාන තරගාවලියට හා ප්රමුඛ පෙළ ” බී ” කොටසට කණ්ඩායම් උසස් කිරීම් කිරීම නිවැරදි ක්‍රම වේදයෙන් පිට කර ඇති බවට බලපිටිය ගෙස්ටෝ ක්‍රීඩා සමාජය විසින් ගොනු කළ නඩුවක් හේතුවෙනි.
මේ සඳහා අධිකරණය මගින් ලබා දුන් නියෝගය අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දෙන ලද නිර්දේශය සළකා බැලූ ක්‍රිකට් තරග කමිටුව අදාල තරගාවලියේ අවසන් තරගයද ඊයේ පවත්වා ඉන්පසුව සියලුම තරගාවලි අත් හිටුවීමට තීරණය කර තිබේ.
මෙම ගවනර්ස් කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ කළුතර කෘසේඩර්ස් හා නාරම්මල ක්‍රීඩා සමාජයයි. මෙම තරගයේ ජය නාරම්මල පිලට අත් විය.
පසුගිය වසරේ මෙම තරගාවලියේ අවසන් ස්ථානයට පත් මෙම ක්‍රීඩා සමාජ දෙක පහළට දමන බවට ලිඛිතව දන්වා ඇතත් මෙවර තරගාවලියට නැවත වරක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි කර දීම විශේෂ සිද්ධියකි