කළුබෝවිල රෝහලේ කොවිඩ් ඛේදවාචකය රටට හෙළි කළ මාධ්‍යවේදිනී තිලක්ෂිණී මධුවන්තිගේ පියා දින 17 තිස්සේ ඔක්සිජන් මත යැපෙමින් සිට අද ජීවිතය හැර ගියේය.
මධ්‍යම රාත්‍රියේ පවා එළිමහනේ රැඳෙමින් කොවිඩ් ආසාදිතයන් විඳන කටුක දුක් මෙන්ම ඇස් පනාපිට සිදුවන මරණ ගැන ඇය කළ හෙළිදරව්ව ව්‍යසනයේ යථාර්ථය රටට හෙළි කිරීමට සමත් වූයේය.
එමෙන්ම ඇයගේ හෙළිදරවුව බලධාරීන්ගේ අවධානය මේ ඛේදවාචකය වෙත යොමුකරවීය.
අවසාන වශයෙන් සිය ෆේස් බුක් ගිනුමේ සටහන්ව කර තිබුණේ ඇයගේ පියාට සුවය ප්‍රාර්ථනා කරන ලෙසය. ඇයටත් ඇයගේ මවටත් කොවිඩ් ආසාදිතව තිබිණි.