අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළමනාකාර සහකාරවරයා මරා දැමු බවට චෝදනා ලද නාකොටික් නිලධාරීන් 07 යළිත් රිමාන්ඩ්…

විමර්ශනයේ වැඩ සියයට 90ක් නිමා වී ඇති බව විමර්ශන ප්‍රධානියා අධිකරණයට දන්වයි...

by editor
ජූනි 23, 2023
in පුවත්
samantha
Share on FacebookShare on Twitter

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවේ දී මිය ගිය  වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාර සමන්ත ප්‍රීතිකුමාර ගේ මරණය   සම්බන්ධ චෝදනා එල්ල වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  නිලධාරීන් නිලධාරීන් 07 දෙනා යළි  ජූලි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත  කිරීමට අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළේය.

අද (23) එම නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළේ මේ වනවිට විමර්ශනයේ කටයුතු සියට 90ක් නිමා කර ඇති බවය.

පසුගිය ජනවාරි  10 වැනිදා නාරාහේන්පි ප්‍රදේශයේ දී මෙම වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකාර සහකාරවරයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 15ක් ඇති බවට වූ චෝදනාවක් මතය.

මිය ගිය  තරුණයාගේ ඥාතීන් විසින් සිදුකළ පැමිණිල්ලකින්  අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබිනි.

මෙම නඩුව  මාලිගාකන්ද අධිකරණයට කරුණු ගොනු කළ අවස්ථාවේ අධිකරණය නියෝග කළේ   සිද්ධිය සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 07ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. අනතුරුව එම නිලධාරින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ නඩුව අද යළිත් කැදවූ අවස්ථාවේ දී සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ ප්‍රධානී  සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා පැවසුවේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සියයට 90ක් මේ වනවිට  නිමා වී ඇති බවය.

ඔහු අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ සිද්ධිය සිදුවූ දිනයේ අදාළ නිලධාරින්ගේ ජංගම දුරකථන වාර්තා පරීක්ෂා කළ අතර එහිදී ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ යැයි   අනාවරණය වූ බවය.

අදාළ කළමනාකාර සහකාරවරයා අත්අඩංගුවට ගෙන පහර දී ඝාතනය කිරීම දක්වා සිදුවීම් මාලාව සඳහා පැය 4ක්තු විනාඩි 25ක් ගතවී ඇති බව සාක්ෂි වලින් තහවුරු වී ඇතැයි ද සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට කීවේය.

එමෙන්ම සැකකරුවන් අදාල සිදුවීම සිදුවු ස්ථානය වෙනස් කිරීම සඳහා උත්සාහ රක ඇති බව ද අනාවරණය වී ඇත.

සැකකරුවන්ගේ ඩීඑන්ඒ වාර්තා ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් තිබෙන බවද  විමර්ශන අංශ අධිකරණය වෙත දැන්වූයේය.

ඒ  අනුව නීතිපතිවරයාට සැකකරුවන් පිළිබඳව අධිචෝදනාපත්‍ර භාර දී ඔවුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරිය හැකි බවත්, මෙරිල් රංජන් ළමාහේවා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් පැවසුවේය.

අදාල සැකරුවන් ලබන 07 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ අස්වැසුමට ආණ්ඩුවත් විරුද්ධ වෙයි… පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව අප්‍රසාදය පලකරති!

Next Post

චීන, පුද්ගලික ආරක්ෂක සමාගම්වලින් ප්‍රවේශම් වෙන්න යැයි ඉන්දියාවට අනතුරු ඇඟවේ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.