පුද්ගලික ආරක්ෂක සමාගම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන චීනයට, නවදිල්ලියේ සිදු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අප්‍රිකාවේ සම්පත්වලට ප්‍රවේශ වීම ඵලදායී ලෙස අවහිර කළ හැකි බව ‘ග්ලෝබල් ඕඩර්’ වාර්තාව පෙන්වා දෙයි.
අප්‍රිකාවේ සිටින චීන ජාතිකයින් සඳහා වන අවදානම් අවම කිරීමට චීනය පුද්ගලික ආරක්ෂක සමාගම් (පීඑස්සීස්) යෙදවීමේ ආක්‍රමණශිලී ප්‍රවේශයක් භාවිතා කරන බවත්, මෙම ආරක්ෂක කණ්ඩායම් නවීන අවි ආයුධ හා නිරීක්ෂණ පද්ධතිවලින් සන්නද්ධ බවත් එම වාර්තාව පවසයි.
2023 මාර්තු මාසයේදී මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ආයුධ සන්න්ධද පුද්ගලයින් විසින් පතල් කැණීමේ ස්ථානයක දී චීන ජාතිකයින් නව දෙනෙකු ඝාතනය කළ බවට වාර්තා විය. චීන ජනාධිපති ෂී ජින්පින් අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එලෙසම වඩාත් මෑතකදී 2023 අප්‍රේල් මාසයේදී බීජිං, ඉස්ලාමාබාද් වෙත අනතුරු අඟවමින්, ‘චීන, පාකිස්ථාන ආර්ථික කොරිඩොවේ ව්‍යාපෘතිවල වැඩ කරන චීන ජාතිකයින්ට එල්ල වෙන ප්‍රහාර ඔවුන්ගේ සියලු ආකාරයේ මිත්‍රත්වයන්වලට අහිතකර ලෙස බලපානු ඇතැයි අනතුරු අඟවන ලදී.
මෙම සිදුවීම් ද්විත්වයෙන් පසු විදේශ රටවල සේවයේ නියුතු චීන ජාතිකයින්ගේ ජීවිත අනතුරේ බව පවසමින් ඔවුන්ගේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂක සමාගම් යෙදවීමට කටයුතු කරන ලදී.







