මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පීඨයේ සේවය කරන විද්වත් වෘත්තිකයෙකි.
ඔහු අද එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය. මින් පෙර මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව සිටි ජනක රත්නායක පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන එම ධූරයෙන් ඉවත් කරනු ලැබුවේය







