සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවුරු මොනවා කිව්වත් මත්පැන් කියන්නෙත් ආහාරයක්… මත්පැන් හදන්න හාල් දෙන්න මමනම් කැමතියි… ලාල් කාන්ත කියයි!

by editor
මාර්තු 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කවුරුන්  මොනවා කීවත් මත්පැන් කියන්නේත් යම් පිරිසකගේ ආහාරයක් බවත්, මත්පැන් නිශ්පාදනය සඳහා සහල් ලබාදීම නීති මගින් තහනම් කළත් තමන් විශ්වාස කරන්නේ එවැනි නීතිවලින් පාලනය නොකර සහල් ආශ්‍රිත අතුරු නිශ්පාදන සඳහා සීමා රහිතව ඉඩ ලබා දිය යුතු බවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

රටක් ලෙස අප කළ යුත්තේ වී වගාවෙන් ලැබෙන අස්වැන්න අතුරු නිශ්පාදනවලට යෙදවීම සීමා කිරීම නොව, ඉල්ලුමේ තරමට සැපයුම ලබා දීම බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම පාරිභෝගිකයා ගැන කතා කිරීමට පෙර ගොවියා ගැන කතා කළ යුතු බවත්, සහල් මිල ගැන කතා කිරීමට පෙර වී මිල සම්බන්ධව කතා කළ යුතු බවත් කී ඇමතිවරයා උඩින් හාල් මිල තිරණය කර අවසානයේ ගොවියගේ පැත්තට පැමිණ පලක් නැති බව පෙන්වා දුන්නේය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

“හාල්වලින් යම් ප්‍රමාණයක් යනවා වෙනත් වෙනත් නිශ්පාදන. මට නම් හාල් වලින් වෙනත් වෙනත් නිශ්පාදන කරනවා කියලා දැනුනම මට නම් පුදුම සතුටක් තියෙන්නේ. ඒත් නීති පනවලා තියනවා හාල්වලින් සමහර නිශ්පාදන කිරීම තහනම් කරලා. අපේ රටේ ප්‍රධාන කෘෂිකාර්මික නිශ්පාදනයක් වෙච්ච සහල්වලින් අතුරු නිශ්පාදන තව තවත් බිහි වෙනවා නම් තමයි හොඳ. වැඩි වැඩියෙන්… අගය එකතු කරගෙන යන්න පුලුවන්නම්. ”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“බිස්කට්… කේක්… මම නම් කියන්නේ මත්පැන් වර්ගත්. මත්පැන් කියන්නෙත් ආහාරයක්. වෛද්‍යවරු මොනවා කිව්වත් අනෙක් අය මොනවා කිව්වත් මම කියන්නේ ඒකත් එක්තර පිරිසකට ආහාරයක්. මත්පැන් නිශ්පාදනයට හොරෙන් යනවා. අච්චරක් යනවා මෙච්චරක් යනවා. බියර් හදන්න යනවා….”

“මම නම් කියන්නේ ඒවට ගන්න තරමට හොඳයි… අපි දැනගන්න ඕන ප්‍රමාණවත් ලෙස අමතර ඒවටත් එක්ක නිශ්පාදනය කරන්න. ඒකට අපි සමත් මෙන්න ඕන. හැබැයි නීති තියනවා.”

“ඉතින් යම් කට්ටියක් ආවා ඉඩම් ඉල්ලන්න සෝගම් වවන්න. මම ඇහුවා මොකටද?. බියර් හදන්න. කම්පැණියක් ආවා. මම කිව්වා ඒවා කරමු. ප්‍රශ්නයක් නෑ. නමුත් එතකොටම රටේ හාල් හිඟයක්. ඊට පස්සේ එනවා දේශපාලන ප්‍රශ්නයක්. අපේ නලීන් බණ්ඩාර මහත්තයට එහෙම පුලුවන් සාහිත්‍ය දාලා…. අදත් වෙලාව මදි වුනේ සාහිත්‍ය දාන්න ගිහිල්ලානේ. ”

“අපි ඒ වෙලාවේ සෝගම් වගාවට ඉඩම් වෙන් කළා නම් කියනවා හාලුත් හිඟ වෙලාවේ බලන්ඩකො එන්.පී.පී ආණ්ඩුව වෙනත් ඒවට මේ ඉඩම් වෙන් කරලා වගා කරන්න යනවා කියලා. ඒ නිසා ඒක ප්‍රමාද කළා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දි ඒක කරන්න. ”

“අක්කර 200ක් ඉල්ලන් ආවා දූරියන් වවන්න. කෙලින්ම විදේශ රටවලට යවන්න. අපි එකඟයි. නමුත් පහුගිය කාලේ ඉඩම් නරක විදිහට පරිහරණය කරලා තිබ්බ නිසා වංචාකාරීව පරිහරණය කරලා තියන නිසා, සමහර ඉඩම් දීලා පරිහරණය කරලා නැති නිසා අපට මේ ගෙවිච්ච කාලේදී සිද්ධ වුනා ඉඩම් ලබාදීමේ දී සැලකිල්ලට ගන්න. කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් ආයෝජකයො ආපු තරමට අපිට බැරි වුනා ඒ අයට ඉඩම් දෙන්න. ඇතිවෙලා තිබුණ තත්ත්වය නිසා. ” ඔහු පැවසුවේය.

ඇමතිවරයා වැඩිදුරටත් කීවේ ඉදිරියේ දී යැපුම් කෘෂිකර්මයෙන් එහා ගිය ව්‍යාපාරික කෘෂිකර්මාන්තය සඳහා ආයෝජනය කළ හැකි ආයෝජකයින් ගොවීන්ගේ ඉඩම් සමග සම්බන්ධ කර ඒකාබද්ධ කෘෂි ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ විශාල උත්සාහයක් රජය සතුව ඇති බව ද ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභියාචනාධිකරණය දේශබන්දු ගේ පෙත්සම පිළිබඳ නියෝගය නිකුත් කිරීම ලබන 17 තෙක් කල් තබයි!

Next Post

අවුරුදු ගණනක් අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වැඩ බැරි දේශපාලන හෙංචයියා කළ හරිය!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.