සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු ගණනක් අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වැඩ බැරි දේශපාලන හෙංචයියා කළ හරිය!

by editor
මාර්තු 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මීට පෙර අවස්ථා ගණනක දී සිදුවූ සිදුවීම් නොසලකා හැරලා… ආරක්ෂක වැඩපිළිවෙළක් රොහල් තුළ ක්‍රියාත්මක කරලා නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නොවෙයි… එය රෝහල් පරිපාලනයේ වගකීමක්… අවුරුදු 15ක් දේශපාලන හයියෙන් වැඩ බලන අධ්‍යක්ෂකම කරන දුලාන් සමරවීරගේ නිරුවත එළියට…

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය ව්‍යසනයට ලක් කිරීමේ අපරාධය තරම් බරපතල තත්ත්වයක නොතිබුණද පිටස්තර පුද්ගලයින් ගේ බලපෑම් සහගත සිදුවීම් හතරකට ආසන්න ප්‍රමාණයක් සිදුවී තිබුණත් රෝහල් පරිපාලනය නිසි පියවර නොගැනීම හේතුවෙන් අවසානයේ දී මේ ඛේදවාචකය සිදු වූ බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය. ඔහු පෙන්වා දුන්නේ රෝහලක ඇතිවන තත්ත්වයන් කළමනාකරණය කරගැනීමේ වගකීම රෝහල් පරිපාලනයට අයත් නිශ්චිත වගකීමත් බවත් එය නිසි ආකාරව ඉටු වී නැති බවත්ය.

අනුරාධපුර රෝහලේ වැඩ බලන ද්‍යෛ අධක්ෂවරයාගේ නිහීන ස්වරූපය සම්බන්ධව මේ වනවිට දීර්ඝ වශයෙන් කරුණු හෙළිදරවු වෙමින් තිබේ.සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක අද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පරිපාලන ඛේදවාචකයේ ස්වරූපය පැහැදිලි කර දුන්නේය.

“අනුරාධපුර රෝහල කියන්නේ ලංකාවේ විශාලත්වය අතින් 5 වැනි විශාලත්වය සහිත රෝහල. එහි පරිපාලකයා පත් වෙන්න ඕන වෛද්‍ය පරිපාලන විභාග සමත් වුන සුදුස්සෙක්. එහෙම සුදුස්සන් ඕන තරම් ඉන්නවා. එහෙත් පහුගිය දේශපාලන බලහත්කාරය පාවිච්චි කරලා එතෙනට පත්කරලා තියෙන්නේ දේශපාලන හෙංචයියෙක්. ”

“2005 ට ආසන්න කාලයේ උතුරුමැද ආණ්ඩුකාර සමරවීරගේ පුත්‍ර රත්නයවන දුලාන් සමරවීර කියන පුද්ගලයා නියම සුදුසුකම් වලින් තොරව අවුරුදු 14-15ක කාලයක් දේශපාලනික හයිය පාවිච්චි කරමින් අනුරාධපුර රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. ” ඔහු පෙන්වා දුන්නේ මේ පුද්ගලයා විසින් අනුරාධපුර රෝහල අරාජික භූමියක් බවට පත් කර තිබුණු බවය. අද පත් වී ඇති තත්ත්වයට වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇමතිකම් උප ඇමතිකම් දරන මේ අණ්ඩුවත් වග කිව යුතු බව ඔහු පෙන්වා දුන්නේ මේ ඇමතිවරුන්ට තමන් යටතේ ඇති ආයතනවලට සුදුස්සන් පත් කරගැනීමට ඇති නොහැකියාව පෙන්වා දෙමිනි.

සෞඛ්‍ය ඇමතිවරයා අද වෛද්‍ය පරිපාලනයේ දුර්වලතාවය ගැන රටට හෙළි කරන්නේ මේ පසුබිමේ දී ය. ඔහු මෙසේ සිය අනාවරණය කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“මේ සිදුවීමට කලින් මේ තරම් බරපතල නොවුනත් මීට ආසන්න සිදුවීම් කීපයක් පසුගිය වසර කීපයේම මේ රෝහල් පරිශ්‍රයේ සමහර නිල නිවාස ආසන්නයේ ඉඩම්වල සිදුවී තිබෙනවා. භාණ්ඩ පැහැර ගැනීම, තර්ජනය කිරීම, රාත්‍රී කාලයේ වෛද්‍යවරියකගේ කාමරය තුළ අනවසර පුද්ගලයෙක් ඉඳලා බය කිරීමක් වගේ දේවල් සිදුවී තිබෙනවා.”

“මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයක් ලෙස විසඳිය යුතු දේවල් නෙමෙයි. රෝහල් පරිපාලනය මැදිහත් වෙලා ඒකට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි. නමුත් අපි දකිනවා පසුගිය වසර කීපයක් තුළ මේ වැඩ බලන අධ්‍යක්ෂවරයා රෝහල් පරිපාලනය මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් නෑ. ”

“ඒ සිදුවීම් වර්ධනය වෙලා වර්ධනය වෙලා ඕන කෙනෙකුට මේකට ඇතුළු වෙන්න පුලුවන් තත්ත්වයකට මේ තත්ත්වය නිර්මාණය වෙලා තියනවා. ඒ අය තමන්ගේ වගකීම් ඉටු කළා නම් මේ සිදුවීම් මේ තරම් දුරදිග යන්නේ නෑ කියලා.”

“ඊලඟට රෝහලේ දැනට ඉන්න ආරක්ෂක සේවාවල අඩුපාඩු තියනවා. මේ රෝහල වර්ධනය වීමේ දී ප්‍රදේශයේ සුවිශේෂීත්වයක් තියනවා. යම් අනවසර පදිංචි කරුවන් නීති විරෝධී ක්‍රියා යම් තැනක සිද්ධ වෙනවා නම් ඊට එරෙහිව කටයුතු කිරීමට සමත් විදිහට රෝහල් ආරක්ෂක සේවාව කාර්යක්ෂම කළ යුතුව තිබුණා. එහෙම කරලා තිබුණේ නෑ.”

“විශේෂයෙන්ම රෝහල් පරිපාලනයේ අඩුපාඩුකම් සහ රෝහලේ ආරක්ෂක සේවාවල අඩුපාඩුකම් සම්බන්ධව ඉදිරියේ දී අපි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.”

“දුෂ්කර තත්ත්ව යටතේ ක්‍රිියා කරන සෞඛ්‍ය කාර්යමන්ඩලයට ආරක්ෂාව සහ නිල නිවාස පහසුකම් සපයන බව කියන්න කැමතියි. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කවුරු මොනවා කිව්වත් මත්පැන් කියන්නෙත් ආහාරයක්… මත්පැන් හදන්න හාල් දෙන්න මමනම් කැමතියි… ලාල් කාන්ත කියයි!

Next Post

ඔබට රෝගීන් පිළිබඳ සහකම්පනයක් නැද්ද?… මේ අසාධාරණ වර්ජනය යළි කැඳවන්න… සෞඛ්‍ය ඇමති GMOA එකෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.