පොල්දූව මංසන්ධියේ දී ඊයේ (13) පැවති විරෝධතාවය අතරතුර හමුදා නිලධාරීන් දෙදෙනාගෙන් පැහැරගත් ගිනි අවි දෙක සහ ජීවඋණ්ඩ ගැබ් දෙක සෙවිමේ පරීක්ෂණ කයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා තිබේ.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න අද විශේෂ ප්‍රකාශයක් කරමින් ටී 56 ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 60ක පතොරොම් ගැබ් දෙකක් කලහකාරී පිරිස් විසින් පැහැරගත් බවය.
එසේ පැහැර ගත්තේ හමුදා සමාජිකයන් දෙදෙනාට සිහි නැතිවනතු පහර දී බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් පිට පරීක්ෂණ ආරම්භ කර ඇත.









