කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදාවේ දෙදෙනා සහ ගුවන් හමුදාවේ දෙදෙනා මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කන්දකාඩු කඳවුරේ සහාය උපදේශකයන් ලෙස කටයුතු කරමින් සිටි ගුවන් හමුදා සැරයන්වරු දෙදෙනෙක්, යුද හමුදා සැරයන්වරයෙක් සහ යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකි.
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීම සහ මිනී මැරීම යන චෝදනා මත මෙම හමුදා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.









