ගාල්ල ඉන්ධන පිරවුම්හලකදී යතුරුපැදියකින් පැමිණි සංචාරකයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඊයේ (02) ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
ට්විටර් මාධ්‍ය ජාලය හරහා පලවන එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ පොලිස් නිලධාරියා ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරමින් එම සංචාරකයා පලවා හරින ආකාරයයි.
https://twitter.com/bilalfassy/status/1543059277140484096
පොලිස් නිලධාරියා ක්‍රියා කළ ආකාරය අපකීර්තිමත් වන අතර එය සමස්ත ශ්‍රී ලංකාවේ පොලිස් හමුදාවටම අහිතකර ප්‍රකාශනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පොලිස්පතිවරයාට ලිපියක් යවමින් දන්වා සිටී.
සිදුවෙමින් පවතින හානිය අවම කර ගැනීමට සහ හානියට ප්‍රතිපූර්ණ කරගැනීමට උපරිම ප්‍රචාරයක් ලබා දෙන නිල ප්‍රකාශයක් කළ හැකි ස්තුතිවන්ත වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පොලිස්පතිවරයාට ලිඛිත ඉල්ලිමක් කරමින් දන්වයි.
එය ලිඛිත ප්‍රකාශයක් හෝ වීඩියෝ පටිගත කිරීමක් විය හැකි අතර එය යූ ටියුබ් සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රචාරය කළ හැකි බවත් සභාපතිවරයා පොලිස්පතිවරයාට කියයි.







