ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි –
අධික වර්ෂා තත්ත්වය හමුවේ කන්තලේ වැවේ ජල මට්ටම ඉහළ යැම නිසා වැවේ වාන් දොරටු 10 න් එක් දොරටුවක් අඟල බැගින් දොරටු හතරක් අද (16) විවෘත කල බව කන්තලේ වාරි ඉංජිනේරු ඒ.එස්.චින්තක එස්.සුරවීර පැවැසිය .
වැවේ උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 114000 වන අතර වාන් දොරටු විවෘත කරණ විට වැවේ ජල ධාවනය අක්කර අඩි 109450 ක්ව පැවැති අතර වැවට එකතු වන ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යැම ජල පාලනය කිරීමක් වශයෙන් මෙලෙස දොරටු හතරක් විවෘත කල බවත් එම වාන් දොරටු හතරෙන් තත්පරයට ඝන අඩි 800 ක ජල ධාරිතාවයක් පිට කරණ බවත් වාරි ඉංජිනේරුවරයා කීවේය.
කන්තලේ ප්‍රාදේශීය ලේකම් එන්.එම්.උපේක්ෂා කුමාරි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වාන් දොරටු විවෘත කිරිම නිසා වැවේ පහළ කොටසේ පදිංචි ජනතාව හා පහළ කුඹුරැවල රැඳී සිටින ගොවින් මේ පිළිබදව අවධානයෙන් පසුවන ලෙසය.