පසුගිය පැය 72ක කාලය තුළ දකුණ සහ බස්නාහිර පළාත්වල කුඩු පාතාලයට සම්බන්ධ වෙඩි තැබීම් 09කින් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පෙරේදා (14) රෑ වෙඩි තැබීමක් සිදුකර තිබිණි. ඒ වර්ෂ 2010 දී පුද්ගලයෙක් පුලුස්සා ඝාතනය කළ සිද්ධියක සාක්ෂිකරුවෙකු ඉලක්ක කරගෙනය.
ඊයේ (15) පාන්දර මාතර වෙඩි තැබීමක් වාර්තා වූ අතර ඊයේ (15) රාත්‍රියේ දී වැලිගම වෙඩි තැබීමක්, සහ මාතර වෙඩි තැබීම් දෙකක් සිද්ධ වී තිබිණි. වැලිගම සිදුකළ වෙඩි තැබීමේ දී පුද්ගලයින් 02ක් තුවාල ලැබුවේය.
පෙරේදා රාත්‍රියේ බියගම නිවසකට ගොස් පුද්ගලයෙකුගේ නමක් අසා කළ වෙඩි තැබීමත් ඊට ආසන්න කාලයක දී රාගම වල්පොල නිවසකට පැමිණ පුද්ගලයෙකුට වෙඩි තැබීමත් සිදුවිය. වල්පොල සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කළේය.
පසුගිය 13 දා වැල්ලම්පිටියේ දී කායවර්ධන පුහුණුකරුවෙකු ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදුවූයේය. ඒ වෙඩි ප්‍රහාරයට වැරදී ගොස් තිබිණි. එදානම සීදුවේ අවන්හලක දි වෙඩි තැබීමක් සිදුවිය. මෙම වෙඩි තැබීම්වලදි වැල්ලම්පිටිය වෙඩික්කරු පමණක් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.