අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ ඇයි?… විපක්ෂය පාර්ලිමේන්තුවේ දි කළ කරුණු පැහැදිලි කිරීම …

by editor
මාර්තු 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අපේ කතානායකවරයා කතානායක කම සිදුකර ගෙදර ගොස් දේශපාලන පත්වීමක වැඩ කරන දේශපාලන ගැති විධායක ගැත්තෙක්    බව කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගය යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

කතානායකවරයා තවමත් වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය හොබවමින් සිටින දේශපාලකයෙක් බවත් පාර්ලිමේන්තුව තුළ තුට්ටු දෙකේ දේශපාලනයක ඔහු නිරතවන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේය.

ඔහු අද පාර්ලිමේන්තුවේ දී කළ කතාව මෙසේය

මෙතන මූලික ප්‍රශ්නය  වෙලා තියෙන්නේ කථානායකවරයා තවමත්  දේශපාලන සම්බන්ධකම්වලින් මිදුනෙ නෑ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියනවා කාතානායකවරයා පත් කළාම  ඔහු දේශපාලන බැමි වලින් නිදහස් වෙන්න ඕන. පක්ෂ වැඩ වලින් අයින් වෙන්න ඕන. එතකොට තමයි ඔය පුටුවෙ ඉඳන් දෙපැත්තටම වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන.

නමුත් අපේ කතානායක තුමා එහෙම කළේ නෑ. ඔහු තාම  වැලිගම ප්‍රාදේශීය  සම්බන්ධීකරණ කමිටුවෙ සභාපති. ඒක දේශපාලන පත්වීමක්. ඒක දෙන්නේ ජනාධිපති තුමා. ඔහු දේශපාලන පත්වීමක් අරන් ඔතන ඇවිත් වාඩිවුනාම ඔහු ගන්නා හැම තීරණයක්ම පිටිපස්සේ දේශපාලනය තියන බව අපට පෙනෙනවා. ඒක පැහැදිලියි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

  • ආංශික අධීක්ෂණ කාරක සභා

මම උදාහරණයක් වශයෙන් කියන්නම්.  අපේ රටේ ස්ථාවර නියෝග තියනවා.  එකක්  අධීක්ෂණ කාරක සභා ගැන.

“111  වගන්තිය… ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තු කාලය තුළ   ක්‍රියාත්මක විය යුතු අතර  පාර්ලිමේන්තුව යම් කල් තැබීමක් හෝ වාර අවසාන වීමක් නොසලකා එම විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ. “

මොකද මෙතුමා කළේ… අවුරුදු03ක් ආංශික අධීක්ෂණ කාරක සභා පත් කළේ නෑ. මේක අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝණය කිරීමක්. ඒක පිටිපස්සේ තිබ්බේ දේශපාලනය. මොකද  ගෝඨාභයගේ ආණ්ඩුව ආංශික අධීක්ෂණ කාරක සභාවලට විරුද්ධයි. ගෝඨාභය විරුද්ධයි කියලා එතුමාට පත් නොකර ඉන්න බෑ.

දේශපාලනය එනකොට එතෙන්ට එතුමාට කියන්න තිබුණා මම කථානායක… ස්ථාවර නියෝගවල තියනවා ආංශික අධීක්ෂණ කාරකසභා පත් කරන්න ඕන කියලා… මං පත් කරනවා කියලා කියලා එතුමට කියන්න තිබුණා… නමුත් එතුමා දේශපාලනයට  යටත් වුනා. අවුරුදු තුනක් ආංශික අධීක්ෂණ කාරකසභා පත් කළේ නෑ.  ඒක පැහැදිලිවම දේශපාලනය කිරීමක්.

  • මුදල් කමිටුවේ සභාපතිකම

ඒ වගේම මුදල් කමිටුවෙ සභාපතිකම විපක්ෂයට දෙන්න  ඕන කියලා 121.1  වගන්තියේ තියනවා.

“සභාපතිවරයා විරුදධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙක් විය යුත්තේය.”

ඔහුගේ වගකීම තමයි ඒක ආරක්ෂා කිරීම. ඔහුගේ වගකීමතමයි විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් පත් කිරීම.  ඔහු ඒක කෙරුව ද?.  ඔහු එය කළේ නෑ.  ඔහු මොකක් ද කළේ. මේකට සමහර නිලධාරීනුත් සම්බන්ධයි.  ශෝක ප්‍රකාශ තියන දවසක  එතුමා න්‍යාය පුස්තකයට වගන්තියක් දැම්මා ස්ථාවර නියෝග අත්හිටුවන්න කියලා. එතුමා කියනවා පාර්ලිමේන්තුව මේක අනුමත කළානෙ කියලා කියනවා. නමුත්  න්‍යාය පුස්තකය හැදුවේ එතුමා. ඒක අපි හැදුවෙ නෑ. එතුමා න්‍යාය පුස්තකයට දාලා  ස්ථාවරනියෝග අත්හිටුවලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සභාපති කම දුන්නා. ඒක හරිද ?

අවුරුදු තුනක් අපට මුදල් කාරක සභා සභාපතිකම දුන්නේ නෑ.   20, 21 සහ 22 අවුරුදුවල.   ඇත්තවශයෙන්ම මේ  ආර්ථිකය කඩා වැටිමේ ප්‍රධාන චරිතයක් තමයි කථානායක තුමා. මොකද එදා මේ මුදල් කමිටුව දීල තිබ්බා නම් විපක්ෂයේ මන්ත්‍රිවරයෙකුට… අපි  අවුරුදු 2ක් කලින්   කිව්වා ආර්ථික බංකොලොත් වෙනවා කියලා.     ආණ්ඩුවෙ මන්ත්‍රීවරයා ඔක්කොම හැංගුවා පාර්ලිමේන්තුවෙන්. අපි කවුරුවත් දන්නේ නෑ ආර්ථිකය බංකොලොත් කියලා. අපි ඒක දැනගත්තෙ අහම්බෙන්. මහ බැංකුවේ අධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවාම මම එතුමා ප්‍රශ්න කරද්දි තමයි එතුමා කිව්වේ අපි ලග  තියෙන්නේ ඩොලර් මිලියන 20ක් විතරයි කියලා. එදා අපි දැනගත්තේ රට බංකොලොත් කියලා. ආර්ථිකයේ කඩා වැටීම සම්බන්ධව ප්‍රධාන චරිතයක් තමයි කතනායක තුමා. ලෝකයේ බොහෝ රටවල මේ වගේ තනතුරු විපක්ෂයට දෙන්නේ ඇයි. ඒ තනතුරු විපක්ෂයට දීම  ආණඩුවට හොඳයි.  ආණ්ඩුවෙ වැඩ අඩු වෙනවා.

  • කෝප් කමිටුව විහිළුවක් කළ හැටි

දැන් බලන්න කෝප් එකට මොකද අද වෙලා තියෙන්නේ . කෝප් එක විහිලුවක් වෙලා.  ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ අය දන්නවා ආණ්ඩුව කොච්චර කිව්වත්  දූෂණ නැති කරනවා කියලා කෝප් එක දිහා බැලුවාම ඒක සනාථ වෙන්නෙ නෑ.

අපට මේවා දුන්නේ නෑ. පස්සේ  අරගලය ආවා. අරගලය ආවට පස්සේ බය වුනා. අපිට එකක් නෙමෙයි තුනක් දුන්නා. කෝප් එක, මහජන ගිනුම් කාරක සභාව සහ කෝපා.  බය වචෙච් ගමන් තුනම දුන්නා. අරගලය පහ වී ගියාම පාර්ලිමේන්තුවෙ වාර අවසන් කරලා තුනම ආපහු ගත්තා. මේවා වගේ තුට්ටු දෙකේ වැඩනෙ. මේවා කතානායක කරන වැඩද.

අද වෙලා තියෙන්නේ  කතානායක තුමා  විධායකයේ අතකොළුවක් වෙලා. ගෞරවය තියාගෙන ඉන්න ඕන කතා නායක හැටියට. ආණ්ඩු පක්ෂයේ හෝ වේවා විපක්ෂයේ වේවා මන්ත්‍රී අයිතිවාසිකම් ආරක්ෂා කරන්න එතුමා කැප වුනේ නෑ.

  • පාර්ලිමේන්තුවට ගෙනා ණය ප්‍රතිව්‍යුහගතකරණ සිද්ධිය සහ පළාත් සභා ඡන්දය

ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරිම පාර්ලිමේන්තුවට ගෙනාවා. එය පාර්ලිමේන්තුවට ගෙන්න ඕන නෑ. කලින් ආණ්ඩු අයි.එම්.එෆ් ගියා. සියලු ගනුදෙනු කළේ පාර්ලිමේන්තුවෙන් පිට. නමුත් පාර්ලිමේන්තුවට ගේන්න කට්ට උවමනාවක් තිබ්බා. මොකද මේක පාර්ලිමේන්තුවට ගෙනාවත් නැතත්  ආණ්ඩුව දැනගත්තා අපි උසාවි යන බව. එදා මන්ත්‍රිවරයෙක් නැගිටලා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා. ඒක පාර්ලිමේන්තුවට අයිති වැඩක්. අධිකරණයට යනවා නම් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වෙනවා කියලා. කතානායකතුමා මොකද කළේ. උසාවියට යන්න බෑ කියලා තීන්දුවක් දුන්නා. මේ තුට්ටු දෙකේ නීති උපදෙස්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්ඡයකාරවරු කිව්වා පළාත් පාලන ඡන්දය තියන්න කියලා. ආණඩුව ඇවිත් සල්ලි නෑ කිව්වා. දවසක් මන්ත්‍රීවරයෙක් මෙතැන නැගිටලා කියනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගේ වරප්‍රසාද අයිතීන් කඩවීමක් ලු.  ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවකින් කෙනෙකුගේ වරප්‍රසාද කඩවෙනව ද?. කතානායක මොකක් ද කළේ. කැඳෙව්වා නඩුකාරවරු   තුන් දෙනා වරප්‍රසාද කමිටුවට. අධිකරණය බය කරන්න.  කළේ නැද්ද. කළා. ආවද නැද්ද වෙනම දෙයක්.

මේ විදිහට තමයි මේ පාර්ලිමේන්තුව දවසින් දවස අගාධයට ඇද  දැම්මේ. කතානායකවරුන්ගෙන් වැරදි සිද්ධ වෙනවා. ඒත් මෙතුමාගෙන් සිද්ධ වුනේ වැරදි වැලක්.

  • ව්‍යස්ථාදායක සභාව වටේ යවා දේශබන්දු පොලිස්පති කිරීම

ව්‍යවස්ථාදායක සභාව මෙහෙම වගන්තියක් තියනවා.

“සභාව විසින් කරනු ලබන සෑම නිර්දේශයක්ම හෝ අනුමත කිරීමක්ම ගනු ලබන සෑම තීරණයක්ම සභාව විසින් ඒකමතිකව තීරණය කිරීමට උත්සාහ ගත යුත්තේය. ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවක සභාවේ රැස්වීමට පැමිණි සාමාජිකයින් පස් දෙනෙකුට නොඅඩු පිරිසක් අනුමත කළ යුතු වන්නේය. “

නමුත් එදා පොලිස්පතිවරයා පත් කරන වෙලාවෙ දි  ඔහුගේ පත්වීම  පස් දෙනෙක් අනුමත කළේ නෑ. හතර දෙනෙක් පක්ෂ වුනා. එක්කෙනෙක් විරුද්ධ වුනා. දෙන්නෙක්  ඡන්දය දීමෙන් වැළකී සිටියා. පහක් තිබ්බේ නෑ. ජනාධිපති තුමාට යන පණිවිඩයෙත් සඳහන් වන්නේ  එහෙමයි. කමිෂන් එකේ පස්වැනි ඡන්දය පාවිච්චි වුනේ නෑ. ඒ බව ජනාධිපතිවරයාට දැන්නුවා.

නමුත් කමිෂන් එක ඉවර වුනාට පස්සේ හතර පහ වෙලා. කොහොමද ඒ. කොමිෂන් එකේ තීරණය වෙනස් කරන්න පුලුවන් ද ලියුම් ලියලා. කමිෂන් එකේ රැස්වීම ඉවර වුනාට පස්සේ ආදර ලිපි ලියලා පුලුවන්ද තීරණය වෙනස් කරන්න.  කතා නායක තුමා ආදර ලිපියක් ලියනවා ජනාධිපතිතුමාට.

මේ පාර්ලිමේන්තුවේ මේවා එනකොට අපට ලජ්ජයි පාර්ලිමේන්තුවෙ ඉන්න. අපිත් මේකේ අවුරුදු 36ක් පොල් ගෑවෙ නෑනේ. අපිත් දැකලා තියනවා.  මෙහෙම දේවල් කවදාමත් සිද්ධ වෙලා නෑ.  කොහොමද හතර පහ උනේ.

  • ඔන්ලයින් පනත

කතානායක තුමා තාම දේශපාලනය කරනවා. ඔතන ඉදන් ගන්න හැම තීරණයක්ම  දේශපාලනිකයි. තීන්දු ගන්නකොට බලන්නේ ආණ්ඩු පක්ෂය දිහා. ඔන්ලයින් පනත සභාවට ගෙනාපු වෙලාවේ එතුමා හෙඩ් ෆෝන් දාගෙන ආණ්ඩු පක්ෂය දිහා බලාගෙන වැඩ කළේ.

වැරදි වැලක් තියනවා. එක් වරක්වත් පිළිගත්තෙ නෑ වැරැද්දක් තියනවා කියලා.

අවසාන වශයෙන් කියන්න ඕන ජනාධිපතිවරණයෙන් පාර්ලිමේන්තුවට ආවා.  තුනෙන් දෙක්ක ආවා බලය. විසිවෙනි සංශෝධනය ගෙනාව පාර්ලිමේන්තුවට. අලුත් ව්‍යවස්ථාවක් හදන්න. අපි දන්නෙත් නෑ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ආංශික අධීක්ෂණ කාරක සභා නවත්වලා. රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ ආංශික  අධීක්ෂණ කාරකසභා දැම්මේ මේ වගේ වැදගත් වැඩක් වගන්තියෙන් වගන්තිය අධීක්ෂණය කරන්න.  එතැන සිල්ලර වැඩ කතා කරන්නේ නෑ. ප්‍රතිපත්ති අලුත් පනත්වල වගන්ති, ඉදිරියට ගේන පනත්වල වගන්ති සාකච්ඡා කරන්න තමයි මේ ආංශික අධීක්ෂණ කාරකසභාව  ආරම්භ කළේ.

ආංශික අධීක්ෂණ කාරකසභා අත්හිටුවලා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. එදාමයි ඒක කියෙව්වේ. මම එදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට සංශෝධන 30ක් ඉදිරිපත් කළා.  එකක්වත් පිළිගත්තේ නෑ.  මොකක්ද වුනේ… රටට අවුරුදු 03ක් නැති වුනා. අවුරුදු 03ක් ගිහින් ඒගොල්ලම ඒක වෙනස් කරගත්තා. රනිල් වික්‍රමසිංහ  මහත්තයා අගමැති වෙලා අපිත් ඒකට ඡන්දය දුන්නා.

මම හැමදාම කියන එකක් තමයි රටක් ඉස්සරහට යන්න නම් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා විය යුතුයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි.  පනත් සම්මත කරන එක නෙමෙයි රූල් ඔෆ් ලෝ කියන්නේ. නිතිය ක්‍රියාත්මක විය යුතුයි. පනත් ගෙනත් වැඩක් නෑ එය  ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්.

අනිත් එක මම කියන්න ඕන මේ ඔන්ලයින් පනත හැදුවෙ සිංගප්පූරුවේ ඔන්ලයින් පනත. සිංගප්පූරුවේ මාධ්‍ය නිදහසක් නෑ. සිංගප්පූරුවේ මාධ්‍ය සියල්ල අයිති ආණඩුවට. මේ අය සිංගප්පූරු බිල් එක තමයි ගෙනාවෙ. මොකද වුනේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම අපේ නඩුකාරවරු සිංගප්පූරු නීතිය පිළිගන්නේ නෑ. ඒ අය ඒක හැදුවා. සංශෝධන ඉදිරිපත් කළා. ආණ්ඩුවට ඕනකමක් තිබුණෙ නෑ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න. ආණ්ඩුවට ඕන කමක් තිබ්බෙ නෑ  ශ්‍රේෂ්ඨාධිකරණය කළ සංශෝධණ ඇතුළත් කරන්න. කාරක සභා අවස්ථාවේ දී ඒවා හිතා මතා ඇතුළත් කළේ නෑ. එදා කතානායක අපි කියන දේ ඇහුවෙ නෑ. අපි දිහා බැලුවෙ නෑ. ඡන්දයක් ඉල්ලුවට පස්සේ ඡන්දයක් දුන්නේ නෑ. අද මොකක්ද  වෙලා තියෙන්නේ. මේ ඔන් ලයින් බිල් එක නිසා අපට ආධාර හම්බවෙයි ද?.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇමරිකාවෙ  ඔන්ලයින් පනතට විරුද්ධව යෝජනා සම්මත කරලා තියනවා. රට යන්නේ කොයි පාරෙද කියලා ඒ අය දන්නවා. කවුරු අතිනුත් වැරදි වෙනවා. ඒ වැරදි කතානායක පිළිගත්තේ නෑ. අන්තිම මාස තුනේදි වත් පව් සමාකරගන්න වැඩ ටිකක් කරන්න කියලා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි!

Next Post

ඒ තීන්දුව?…  අධිකරණ තීන්දු 8ක් කඩකර පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ පොංගල් කළ  පූසාරි ඇතුළු පිරිස වව්නියාව අධිකරණය නිදොස් කොට නිදහස් කරයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.