දිනසේන රතුගමගේ –
යාපනයේ ඉලවාලී ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා පොලීසිය විසින් සැකකරුවන් පස් දෙනෙකු 18 දා අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු ගණිකා නිවාසයේ පාලකවරයා වෙයි.
තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දෙන මධ්‍යස්ථානයක් වශයෙන් මෙම ස්ථානය පවත්වා ගෙන ගොස් ඇතත් ඒ තුළ සිදුව ඇත්තේ ගණිකා ව්‍යාපාරයක් බව ඉලවාලී පොලීසිය ප්‍රකාශ කරයි.
අත් අඩංගුවට පත් කාන්තාවන් කිළිනොච්චිය හා යාපනය ප්‍රදේශවල කාන්තාවන්වන අතර කොළඹ සිට පැමිණෙන කාන්තාවන්ද මේ ස්ථානයේ ලැගුම් ගෙන මීට ඉහතදී ගණිකා සේවයේ නිරතව සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා කන්කසන්තුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉලවාලී පොලීසිය පියවර ගෙන තිබේ.