කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් මේ වනවිට වාර්තා වී ඇති මුලු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 268 දක්වා ඉහළ ගොස් ඇතැයි ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
අද දවසේ දී පමණක් වෙළෙඳ කලාපයේ කම්හල් දෙකකින් ආසාදියන් 60ක් වාර්තා විය.
මේ වනවිට වෙළෙඳ කලාපයේ සියලුම කම්හල්වල සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට කම්හල් පාලන අධිකාරින් වෙත දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එමෙන්ම කම්හල්වල සේවකයන් අවම ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් වෙළෙඳ කලාපය තුළ අනුගමනය කර ඇත. 45000කට අධික සේවක කාර්ය මණ්ඩලයක් සහිත කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ අද දවසේ සේවයට කඳවා තිබුණේ පන්දහසකට ආසන්න සේවක පිරිසකි.









