දිනසේන රතුගමගේ
උතුරු පළාතේදී හමුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවක් පෙනෙන්නට ඇති නිසා මුලතිව් මාංචෝලෙයි රජයේ රෝහල ද කොරෝනා රෝගයට ප්‍රතිකාර කරණ රෝහලක් බවට 20 දා සිට පත් කොට තිබේ.
යාපනයේ මරදන්කේණී ප්‍රදේශයේ අළුතින් පිහිටුවන ලද කොරෝනා ප්‍රතිකාර රෝහලට ඊයේ (20) රාත්‍රීයේ රෝගීන් 21 දෙනෙකු ඇතුළත් කොට තිබේ.
මේ රෝගීන් 21 දෙනා විවිධ පළාත් වලට අයත් රෝගීන් බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන් පැවසීය.
මේ අතර නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ වවුනියාවේ පූන්තෝට්ටම් අධ්‍යාපන විද්‍යාපීඨයේ කඳවුරින් දින දෙකක් ඇතුළත කොවිඩ් ආසාදියන් 25න් හමු වී ඇත.
හඳුනාගත් රෝගීන් 25 දෙනා මේ වන විට යාපනය හා කන්දකාඩු පළාත් වල කොරෝනා රෝගී ප්‍රතිකාර රෝහල් වෙත යවා තිබේ.