මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ 07,08,09 යන වසර පංති සඳහා පසුගිය වසර තුනක කාලය තුළ අවධිමත් ලෙස ළමුන් 200් පමණ පිරිසක් ඇතුළු කරගෙන තිබෙන බවට ලද තොරතුරු මත විගණන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
විගණන අංශ මගින් මේ වනවිට පාසැලේ ඇතැම් පංති වල නාම ලේඛණ ඇතුළු ලියකියවිලි රැසක් ඔවුන් ගේ භාරයට ගෙන ඇත.
ශාන්ත අන්තෝනි බාලිකාවේ ඇතැම් පංති වල ළමුන් හැටේ සීමාව ද ඉක්මවා අධ්‍යාපනය ලබන බව දැනට සිදුකර තිබෙන විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
සිසුන් ගේ දෙමව්පියන් මෙන්ම බාහිර පාර්ශව වලින් ද මේ සම්බන්ධයෙන් පෙත්සම් රැසක් ඉදිරිපත්ව තිබෙන බව දැන ගන්නට ඇත.
පන් වල සීමාව ඉක්මවා සිසුන් සිටීම නිසා අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී ගුරුවරු මෙන්ම ළමුන් ද දැඩි අපහසුතාවට පත්වන බව මෙම පෙත්සම් වල දක්වා තිබේ.
දේශපාලනඥයින් ඇතුළු විවිධ බලවතුන් ගේ ලිපි පදනම් කර ගනිමින් මෙම ළමුන් බඳවා ගැනීම් සිදුකර තිබෙන බව දැනට සිදුකර තිබෙන විමර්ශන වලින් හෙළිවී ඇත.







