නිසි පරීක්ෂාවකින් තොරව, ඖෂධ ආසාත්මිකතා මරණ සාමාන්‍යකරණය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය දිගින් දිහටම උත්සාහ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
මෙම රෝගියා සඳහා භාවිත කල ප්‍රතිජීවක එන්නත හේතුවෙන් මේ වන විට මරණ දහයකට අධික සංඛ්‍යාවක් සිදු වී ඇති නමුත්, ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා සාමාන්‍ය තත්වයන් ලෙස බැහැර කිරීම කැපී පෙනෙන ගැටළුවක් බවත්, ඖෂධ ඛාණ්ඩයකින් කැපීපෙන සංකූලතා තුනකට වඩා සිදු වුවහොත්, එම ඔෂධය සම්බන්ධයෙන් ගත යුතු සුවිශේෂිය ක්‍රියාමාර්ග නිශ්චිතව සඳහන්ව ඇතත්, මෙම ඖෂධය සම්බන්ධයෙන් එම ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව තවදුරටත් ඉතා අපැහැදිළි බවත් සංගමය පෙන්වා දෙයි.
එහි සභාපති රවී කුමුදේශ් කියන්නේ කනේ කැක්කුමක් සම්බන්ධයෙන් බෙහෙත් ගැනීමට රෝහල්ගතව සිටි මේ 50 හැවිරිදි පුද්ගලයා මතභේදාත්මක කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නතක් විෂ වීමෙන් මිය ගිය බව එම එන්නත නිර්දේශ කරන ලද වෛද්‍යවරයා සිය වාර්තා වේ සටහන් කර ඇති බවය.







