සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියාවේ ලොකුම වැටුප ලබන, ඩොලර් 200 ඇතිව සිඩ්නි පැමිණි ලාංකික සංක්‍රමණිකයාගේ දියණිය…

by editor
පෙබරවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩොලර් 200ක් සාක්කුවේ තබාගෙන ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුගේ දියණියක් මේ වනවට ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය  ලෙස සතියකට ඩොලර් 315,000ක් උපයන බව ඩේලි මේල් වාර්තා කරයි.

ඇය Macquarie ව්‍යාපාර සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ෂෙමාරා වික්‍රමනායකය. ෂෙමාරා වර්ෂ 2021 දී සිය වැටුප ලෙස ඩොලර් මිලියන 16.39 ක් උපයා ඇති බව බැංකුව සිය නවතම වාර්තාවෙන්  නිවේදනය කළේය.

ෂෙමාරා වික්‍රමනායක විසින් වසරේ අවසන් මාස තුන තුළ ඩොලර් බිලියන 1.3 ක ලාභයක් සඳහා රටේ ‘කෝටිපති කර්මාන්ත ශාලාව’ ලෙස නම් කරන ලද  සිය ආයතනය වූ Macquarie මෙහෙයවීමට සමත් වී සිටියාය.

වර්ෂ 2019 දී, 60 හැවිරිදිව සිටි ඇය ඕස්ට්‍රේලියාවේ ඉහළම ආදායම් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය බවට පත් වූ පළමු කාන්තාව වූවාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ෂෙමාර් වික්‍රමනායක

ඇය 1970 දශකයේ සිය පවුල සමඟ ඔස්ට්‍රේලියාවට එන විට ඇයගේ වයස වයස අවුරුදු 14 කි.    සිඩ්නි හි වසරකට ඩොලර් 34,000 ක ගාස්තුවක් අය කරන  ප්‍රභූ පාසලක් වූ Ascham පාසලට ඇයව අතුළත් කිරීමට දෙමව්පියෝ කටයුතු කළහ. අධ්‍යාපනයේ ඉහළ සහජයක් සහිතව සිටි  ඇය  නීතිඥවරියක සහ බැංකුකරුවෙකු ලෙස ඉක්මනින් ඉහළට පැමිණියාය.

ඇයගේ පියා රංජි 2018 දී Australian Financial Review  සඟරාව වෙත පවසා තිබුණේ සිය පවුල ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු වරප්‍රසාද සහිත ජීවිතයක් භුක්ති විඳීමේ භාග්‍ය ලද පවුලක් වුව ද වර්ෂ 1975 දී ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පෙර  දුෂ්කර කාලවලට මුහුණ දුන් බවයි.

වික්‍රමනායකලා පැමිණියේ ලංකාවේ වරප්‍රසාද සහිත බලවත්, උගත් පවුල් පසුබිමක් සහිත  පරම්පාරවක  දිගු පෙළකිනි.

රංජි 1958 දී ලංකවේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලද වෛද්‍යවරයෙකි.  ඔහු එම වසරේම වැඩිදුර පුහුණුව සඳහා ඔහුගේ බිරිය අමරා සමඟ ලන්ඩනයට ගියේය.

තරුණ යුවළ එංගලන්තයේ පදිංචි වී නව දිවිය ආරම්භ කළහ. ඔවුන්ට 1960 දී රොෂානා සහ ඊළඟ වසරේ ෂෙමාරා යනුවෙන් දියණියන් දෙදෙනෙක් ලැබෙන්නේය.

ෂෙමාරාගේ මාමා පැවසුවේ මුළු පවුලම කලක් ‘ඉතා වරප්‍රසාද සහිත ජීවිතයක් ගත කළ බවය.

“ අපට කිසිම දෙයකින් අඩුවක් තිබුණෙ නෑ’ නමුත් ඔවුන් එංගලන්තයට පැමිණි විට ඔවුන්ගේ ජීවිතවලට බෙහෝ සීමාකාරී සාධක පැමිණ තිබිණි.

වර්ෂ 1970 -76 පාලනයේ ප්‍රතිසංස්කරණ මේ පවුලට බොහෝ සේ බලපෑවේය. ඒ වකවානුවෙදි අපිට හැමදේම නැතිවුණා. අපට ආයෙත් ජීවිතය පටන් ගන්න සිද්ධ වුනා.“ රංජි කියා තිබුණේ එසේය.

වර්ෂ 1975 දී රංජි සිය පවුලේ අනාගතය සැලසුම් කරමින් රට හැර යෑමට තින්දු කරන්නේය. ඔවුන් ඔස්ට්‍රේලියාවට පදිංචිය සඳහා සංක්‍රමණය වන්නේය. වෛද්‍යවරයෙක් වූ රංජිට සිඩ්නිහි රාජකීය ඇල්ෆ්‍රඩ් ප්‍රින්ස් රෝහලේ අර්ධකාලීන රැකියාවක් ලැබෙන්නේය.

ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට සන්තකව තිබුණේ ඩොලර් දෙසීයක මුදලකි. “සිඩ්නිවලදි අපි අපේ හැම දෙයක්ම යළිත් ආම්භ කළා.“ රංජි පැවසුවේය.

පවුල මාස හයකට නිවසක් කුලියට ගත්හ. ඒ රෝස් බේ හි වරාය උපනගරයේ ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීමට මුදල් සෙවීමට පෙරය.

අනතුරුව සිඩ්නි වරායට ඉහළින් පිහිටි  Vaucluse හි තවත් නිවසක් මිලදී ගැනීමට ඔවුන්ට හැකි විය.

ෂෙමාරාගේ වැඩිමහල් සොහොයුරිය රොෂානා NSW නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති නීතීඥවරියක් බවට පත් වූ අතර ඇගේ බාල සොහොයුරා ශල්‍ය වෛද්‍යවරයකු ලෙස බෝරල්හි දකුණු හයිලන්ඩ්ස් පෞද්ගලික රෝහලේ සේවය කරයි.

ඇගේ පවුල ඕස්ට්‍රේලියාවට පැමිණ අඩසියවසකට ආසන්න කාලයකට පසු, ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් නම් කරන ඇත.   එම අභිධානය ලබාගත් පළමු කාන්තා විධායකවරිය ලෙස ඇය ඉතිහාසයට එක්වන්නීය.

වර්ෂ 2019 දී ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 18 කි. ඒ ඇයට දෙවෙනි වූ ආයතනික නිලධාරියාට  වඩා ඩොලර් මිලියන 5 ක වැඩි වැටුපකි.

ඇය මුල්වරට රැකියාවට බැඳෙන්නේ වර්ෂ 1987 දීය. මීට පෙර ආයතනය වෙනුවෙන් ලොව පුරා නගර නවයක ඇය සේවය කළාය.

(ඩේලි මේල්)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වර්ජනය කළොත් සංගමයෙන් පන්නනවා… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි!

Next Post

කොරෝනාවට ඉන්දියාවෙන් විශ්මිත එන්නතක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.