ඉන්දීය විද්‍යාඥයන් විසින් සියලුම කොරෝනා වෛරස ප්‍රභේද සඳහා ලබාදිය හැකි එන්නතක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.
ඒ අනුව මෙම නවතම පර්යේෂණය සම්බන්ධයෙන් විද්‍යා සඟරාවලට පළවීමටද නියමිතය.
සිය පර්යේෂණය වලදී කොරෝනා වෛරසයේ සෑම ප්‍රභේදයකටම පාහේ ඉතා සාර්ථකව ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමට එන්නතට හැකියාව ලැබුණු බවද පර්යේෂකයන් පෙන්වාදෙයි.
මෙම නව එන්නත මෙතෙක් නිපදවනු ලැබූ එන්නත් වලින් වෙනස් වන බවත් එය ඉදිරියේදී විශාල වශයෙන් නිපදවීමට බලාපොරොත්තු වන බවද පර්යේෂයන් සඳහන් කරයි.









