අමායා උඩුවැරැල්ල –
96 වැනි ඔස්කාර් සම්මාන උළෙල කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පැවැත්වුනු අතර එහි දී හොඳම නළුවා කාණ්ඩයේ සම්මානය, අයර්ලන්ත ජාතික නළු සිලියන් මර්ෆි දිනාගෙන තිබෙනවා.
ඒ 2023 වසරේ තිරගත වුනු ඔපන්හයිමර් චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන්. මෙය ඔහු දිනාගත් පලමු ඔස්කාර් සම්මානයයි. ඔපන්හයිමර් චිත්‍රපටය ත්‍රාසජනක චරිතාපදාන චිත්‍රපටයකි. එහි තිර රචනය, අධ්‍යක්ෂණය, සහ නිෂ්පාදනය ක්‍රිස්ටෝපර් නෝලන් ගේ වන අතර ඒ වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය සඳහා වන මේ වසරේ ඔස්කාර් සම්මානය ඔහු දිනාගෙන තිබෙනවා. සිලියන් මර්ෆි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ජේ. රොබට් ඔපන්හයිමර් ලෙස රඟපෑ අතර එම චරිතය පරමාණු බෝම්බයේ පියා ලෙස ගෞරවයට පාත්‍ර වූ ඇමරිකානු න්‍යායික භෞතික විද්‍යාඥයෙකි. ඔපන්හයිමර් චිත්‍රපටය ඔස්කාර් සම්මාන 13 කට නිර්දේශ ව තිබූ අතර ඉන් සම්මාන 7 ක් දිනාගෙන තිබෙනවා.
හොඳම නිළිය සම්මානය එමා ස්ටෝන් ට හිමි වූ අතර ඒ පුවර් තිංග්ස් චිත්‍රපටයේ ඇගේ චරිතය සඳහායි. පුවර් තිංග්ස් චිත්‍රපටය ද සම්මාන 11 කට නිර්දේශ ව තිබූ අතර එයින් සම්මාන 4ක් දිනාගෙන තිබෙනවා.







