බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබ බදු ගෙවන්න…. හැම සතයක්ම අපි ආරක්ෂා කරනවා… එක සතයක් හරි වංචා කරන්න උත්සාහ කළොත් නීතිය ක්‍රියාත්මක කරනවා… ජනපති රටට සහතික වෙයි…

Launches National Tax Week

by editor
ජූනි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජාවාරම්කරුවන් පාතාලයින් මාධ්‍ය ඇතුළු සියලු දුර්දාන්ත එක්වුන කළු යාන්ත්‍රණය අනිවාර්යයෙන් බිඳිනවා… එය නොබිඳ එක අඟලක්වත් ඉස්සරහට යන්න බෑ….

රටේ බදු ගෙවන පුද්ගලයින්ගෙන් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් බදු ගෙවීම සඳහා විශාල මැලිකමක් දක්වන බවත්, එයට හේතුව මෙතෙක් දේශපාලන අධිකාරිය රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධව ඇති විවේචනය බවත් කී ජනාධිපති අනුර කුමාර දිසානායක සියලුම බදු ගෙවන ජනතාවට බදු ගෙවන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් බදු ලෙස ගෙවන ඒ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට සහතික වී පොරොන්දු වුනේය.

ජනාධිපතිවයා මේ බව ප්‍රකාශ කළේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදු ශක්ති ජාතික බදු සතිය ආරම්භ කරමිනි.

“අපි සමාගම් ආදායම් බදුවලින් ලියාපදිංචි කරලා තියන අයගෙන් වාර්තා ලබා දීලා තියෙන්නේ සියයට 43යි. ඒ වගේම පුද්ගල ආදායම්බදුවලින් වාර්තා ලබා දීලා තියෙන්නේ සියයට 23යි 2023-24 කියන වසරට. හවුල් ව්‍යාපාර වාර්තා ලබා දිලා තියෙන්නෙ 46%යි. ඒ වගේම පේඊ ටැක්ස් ගෙවන අයගේ වාර්තා ලබාදීලා තියෙන්නේ සියයට 18යි.

මේ සියලු දත්තයක් සියයට 50 ඉක්මවා යන්නේ නෑ. ඒකෙන් පෙන්නුම් කරන්නේ විශාල බදු ගෙවීමේ මැලි කමක් බදු මග හැරීම සඳහා වන ප්‍රයත්නයක් මනෝ භාවයක් තියනවා. ඒක පැහැදිලියි.

මේකට හේතුව කුමක් ද?. එකක් අපේ දේශපාලන අධිකාරිය. දේශපාලන අධිකාරින් විසින් අපේ රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය ගැන අපේ රටේ බදු ගෙවන්නන්ට පොදු ජනයාටත් විශාල විවේචනයක් තියනවා.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“ඒ නිසා අප මුලිනම් කළ යුතු වන්නේ මේ දේශපාලන අධිකාරිය බදු ගෙවන්නන් විසින් විසින් එකතු කරගන්නා ලද මුදල් නිසි පරිදි අත්‍යාවශ්‍ය දේ සඳහා යොදවනවා කියන සහතිකය අප දෙන්න ඕන. ”

“ඒක මුලුමනින්ම මටත් අපේ අමාත්‍ය මණඩලයටත් අපේ දේශපාල අධිකාරියටත් පැවරිලා තියනවා.”

“මම ඔබට සහතිකයක් දෙන්නම්. ඔබ ගෙවන කිසිම බදු මුදලක රුපියලක්වත් දේශපාලන අධිකාරිය වංචා කරන්නේ නෑ. නාස්ති කරන්නේ නෑ කියන සහතිකය දෙන්නම්.” ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික වුනේය. එමෙන්ම මේ වනවිට ජනාධිපතිවරයා ලෙස ජනතා බදු මුදල් පරිහරණය කිරීමේ දී තමන් දී ඇති ආදර්ශය ද ඔහු රට හමුවේ තැබුවේය.

“ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහජනයාගේ බදු මුදල්වලින් අණ පණත්වලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. ගැසට් නිවේදන මගින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ විසින් විශාල වරප්‍රසාද ලබා දී තිබෙනවා.”

“හැබැයි අපේ ඒ වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත් හැරලා තියනවා. මහජනයාගේ හැම රුපියලක්ම අරපරිස්සම් කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයම මා කප්පාදුකර තිබෙනවා. අපේ කැබිනට් මණ්ඩලයත් එහෙමයි. අපේ මන්ත්‍රීවරුත් එහෙමයි.”

“මොකද මේ දේශපාලන අධිකාරිය තිර අදිටනකින් නැතිව මහජන මුදල් නාස්තිය වංචාව නතර කරනවා කියලා මේ රට ගොඩ ගන්න බෑ. අපි තිර අධිශ්ඨානයකින් වැඩ කරනවා. පළමු ආදර්ශය අපි එතනින් දෙන්නම්.”

ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය කිරීමේ අභියෝගාත්මක වැඩසටහන හාන්ස් විජේසූරිය සමග අරඹා ඇති බවය. මේ සමගම මෙතෙක් පැවති මන්දගාමී රාජ්‍ය යාන්ත්‍රණය ඵලදායී දිශානතිකයට යොමුවන ආකාරය ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
‍
සිය කතාව අතර මේ රටේ දූෂණය සහ වංචාව සම්බන්ධව යථා ස්වරූපය හෙළි කරන සිද්ධි කීපයක් ද ජනාධිපතිවරයා විසින් මතු කළේය.

“මේ රට තියන තැන කියන්නම් දූෂණ හා වංචා සම්බන්ධව. මෑතකදී මාතර බන්ධනාගාරය අලුත්වැඩියා කිරිම හේතුකරගෙන එහි සිරකරුවන් අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කළා. ඔවුන් සතුව තිබෙන සියලු දේ ඔවුන්ට අරන් යන්න බෑ. මොනවද අපට හම්බවුනේ බන්ධනාගාරයෙන්. මාංචු කුට්ටම් 7ක් ලැබුණා සිරකරුවන් අතේ තිබිලා. යතුරු 28ක් ලැබුනා මාංචු කුට්ට්ම් අරින. මාංචු කුට්ටම් ඔවුන් අතේ. යතුරුත් ඔවුන් අතේ. ජංගම දුරකථන, වයර්, චාජර්… මෙහෙමයි තිබුනේ… එකක්වත් ඒ ඉන්න නිලධාරීන්ගේ අවබෝධයකින් තොරව ආපු නැති ඒවා නෙමෙයි. ”

උසාවිය තුළ දී සැකකරුවෙක් වෙඩිකෑමේ සිද්ධිය පසුපස පොලිස් නිලධාරීන් සිටින ආකාරයත්, මිද්දෙනිය ඝාතනයේ කොටසක පොලිසිය හැසිරී ඇති ආකාරයත් සිහිකළ ජනාධිපතිවරයා කීවේ අප ඉන්නේ ගිනි අවිය විකුණා රට පැන්න පොලිස් නිලධාරීන් සිටින රාජ්‍යයක බවය. හමුදා කඳවුරක තිබුණු ගිනි අවි 73ක් පාතාලයට ගිය ඉතිහාසය සිහිකළ ජනාධිපතිවරයා තවමත් පාතාලයින්ට පාස්පෝට් හදන රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආරක්ෂා කරන මර්මාස්ථාවවල ඉන්න ආකාරය පෙන්වා දුන්නේය.
.
ආර්.එම්.වී එකේ එක් නිලධාරියෙකුගේ ලොකර් එකෙන් හම්බවෙනවා ඒ නිලධාරියා අවුරුදු තුනක් වැඩ කළත් හම්බකරගන්න බැරි වැටුපක්. කොතැනද මේ රට තියෙන්නේ…

“අපට පෙනෙන මේ ආකාරයේ සාමකාමී පද්ධතියක් තියනවා වගේම මේක ඇතුළෙ කළු පද්ධතියක් තියනවා. අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ කළු පද්ධතියො ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් නියෝජනය කරනවා. මේක ඇත්ත. ”

“මෑතක දී රේගුවේ බහාලුම් ප්‍රමාණයක් විවෘත කළාට පස්සේ ඉතාම ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් නීති විරෝධී භාණ්ඩ ආනයනය කරලා හම්බවෙනවා. කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් අතලොස්සක් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරියෙ නියෝජනයක් තියනවා. මේ කළු යාන්ත්‍රණයේ නීති විරෝධී සන්නද්ධ අවි ගත්ත අය ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ මාධ්‍ය ඉන්නවා. ”

“ඒ නිසා අප ඉදිරිපිට තියනවා ඉතාම සංවිධානාත්මක කළු යාන්ත්‍රණයක් තියනවා. මා ඔබට සහතිකයක් දෙනවා. මේ කළු යාන්ත්‍රණය බිඳනවා. ”

“හැම කෙනාටම නීතියට යටත් වෙන පරිසරයක් නිර්මාණය කරනවා. හිතන්න… ධනය කොච්චර එක්රැස් කරගත්තත් වැඩක් තියනවා ද අවුරුදු 61 දි අවුරුදු 20ක් හිරේට යන්න සිද්ධ වෙනවා නම්… මොකක්ද ඇති ඵලය. ”

‘කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට වැඩක් තියනව ද මහ ජනයගේ බදු මුදල්වලින් ඉගෙන ගෙන, මහජනයා වෙනුවෙන් වැඩ කරලා, මහජනයාගෙන් වැටුප් ලබමින් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහාර නිවාස සඳහා බදු මුදල් අයථා ලෙස වැය කරන්න. මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න පුලුවන් ද?. මොකක්ද ඇති ඵලය. මේ හැම දේටම දඬුවම් ලබා දෙනවා. කළ යුතුයි.”

“ඒ නිසා බදු ගෙවීම සහ බදු ලබාගැනීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේ කළු යාන්ත්‍රණය බිඳින්න අපි සූදානම් වෙන්න ඕන. ඒකට ලෑස්ති නැතිනම් කල් තියා යන්න පුලුවන්. මොකද මේ යාන්ත්‍රණය බිඳන්නේ නැතිනම් මේ රට මෙතනින් ඉදිරියට අඟලක්වත් ගෙනියෑමේ හැකියාවක් නෑ.”

“බදු මුදල් ගෙවන හැම කෙනාටම ආරාධනා කරනවා. ඔබ බදු ගෙවන්න. ඔබ ගෙවන හැම රුපියලක්ම අපි ආරක්ෂා කරනවා. එක රුපියලක් හරි වංචා කරන්න උත්සාහ කරනවා නම් ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි උපරිම ලෙස මැදිහත් වෙනවා.” ජනාධිපතිවරයා සහතික වුනේය.

මේ ජනාධිපතිවරයා අද කළ සම්පූර්ණ කතාවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටු සභාපති අශෝක සේපාල අල්ලස් කොමිසමෙන් අත් අඩංගුවට…

Next Post

හල්ලොලුව යළි රිමාන්ඩ්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.