තුසිත හල්ලොලුව ලබන 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද(02) නියෝග කළාය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂවරයෙක් වූ හල්ලොලුව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පසුගිය 30 වැනිදා ය.
2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478,000ක් වටිනා අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක්, ඇපල් මැක්බුක් පරිගණකයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කොටුව පොලීසිය මෝසමක් ගොනුකරමින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව අප්‍රේල් මස 29 වැනිදා මුලින්ම තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අනතුරුව මැයි මස 02 දා සිය නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ තුසිත හල්ලොලුව අනතුරුව අත් අඩංගුවට ගෙනන අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර පසුව ඔහුව ඇපමත හැරින.
නැවත මැයි 30 දා අධිකරණය නඩුව නැවත කැඳවූ අවස්ථාවේ දී ඇප පිට සිටි තුසිත හල්ලොලුවගේ ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිනි.







