අද ගෝල්ෆේස් අරගලයේ හයවන දිනයයි.
මේ රටේ ගෞරවනීය කලාකරුවෙක් ලෙස සම්භාවනාවට ලක්වූ වික්ටර් රත්නායකයෝ අරගල බිමට පැමිණියහ. තරුණයින් මහත් හරසරින් යුතුව ඔහුව පිලිගනු පෙනුනි.
“ මේ අරගලය මං හිතන්නෙ පාලකයොත් එක්ක වෙයි කියලා. මොකද මේ තරම් සාර්ථක වූ අරගලයක් මගේ ජීවිත කාලෙදි දැකලා නෑ
ස්ත්‍රී පුරුෂ බාල මහළු හැමෝම සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තෙන්ම ඔබට ජය ලැබිලා ඉවරයි.“
වික්ටර් රත්නායකයෝ කීහ.
ඔහු සිටියේ “ ඔබ නොනිදන රාත්‍රියේ මාද අවදියෙන්… අරගලයට පණ දෙන මා ද ඔබ සමගයි… රට වෙනුවෙන් අරගලයට ජය!“ සටන් පාඨය ලියූ පුවරුවක් ද සහිතවය.
වික්ටර් රත්නායකයන්ට ගෞරවය පිනිස තරුණ පිරිසක් ඔහු ඉදිරියේ ඔහු ගැයූ“ ඉරක් පායනා දේශය,“ “අපි ඔක්කොම රජවරු “ ගීත ගැයූහ.







