තමන්ට ජනාධිපති සමාව අනවශ්‍ය බවත් නියමිත සිර දඩුවම අවසන් කර නිදහස්ව පැමිණෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක දැනුම්දී තිබේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් හරින් ප්‍රනාන්දු මන්ත්රීවරයාත්, මනුෂ නානායක්කාර මන්ත්රීවරයාත් වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායකගේ සුව දුක් විමසූ අතර එහිදී ඔහු මේ බව දැනුම්දී තිබේ.
දූෂිත ආණ්ඩුවෙන් හෝ නන්දසේනගෙන් තමන්ට ජනාධිපති සමාවක් අවශ්‍ය නොවන බවද ඔහු සදහන් කර ඇත.
රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා බන්ධනාගාරය තුළ ශක්තිමත්ව සිටින බවද බන්ධනාගාරයේ සිට එළියට පැමිණි හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරු පැවසූහ.







