ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේත් තමන් රනිල් වික්‍රමසිංහ සමග දේශපාලනිකව සන්ධානගතවීමට අකමැති බවය. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මේ වනවිට රාජපක්ෂලා ඉහළින් තබාගෙන සිය දේශපාලනය කිරීමය. රාජිත සේනාරත්නට අනුව තවම ආණ්ඩුවට එක්වීමට සූදානම් නැති නිසා එතැන කවුරු හිටියත් එය තමන්ට වැදගත් නොවන බවය.
තමන් සමඟ ඇති මතභේද විසඳා ගනිමින් ඉදිරියට යාමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙතෙක් කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව ඩේලි මිරර් සජීවී වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෆොන්සේකා කියා සිටියේය.
පක්ෂ අභ්‍යන්තර තත්ත්වය ගැන සලකනවිට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන තමාට ඇත්තේ සැකයක් ඇතැයි සමග ජන බලවේගයේ සභාපතිවරයා පැවසුවේය.
සමගි ජන බලවේගයේ සිටින ආධාරකරුවන් අත්හැරීමට අවශ්‍ය නැති නිසා එහි සභාපති ධූරයෙන් මේ මෙහොතේ ඉල්ලා අස් නොවන බව ද ඔහු කීවේය.







