ඔටාවා හි ශ්‍රී ලාංකික පවුලක් සමූහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 19 හැවිරිදි ශ්‍රී ලාංකික සමූහ ඝාතකයාට ඇප ලබා ගැනීමට කිසිදු සැලසුමක් නොමැති බව ඔහුගේ නීතිඥවරයා පවසයි.
පොලිසිය විසින් බාර්හැවන් උපනගරයේ නගර නිවසක මියගොස් සිටි පවුලේ සාමාජිකයින් සොයා ගැනීමෙන් පසු ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති මෙම 19 හැවිරිදි සාහසිකයා අත්අඩංගුවට ගෙන මාර්තු මස මුලදී පළමු මට්ටමේ මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනු ලැබ තිබිණි.
ඔහු තවමත් අත්අඩංගුවේ පසුවන අතර ඔහුගේ නීතිඥ ඉවාන් ලිට්ල් කැනේඩියානු පුවත්පතට පැවසුවේ “දැනට තම සේවා දායකයාට ඇප සඳහා අයදුම් කිරීමට කිසිදු සැලසුමක් නොමැති” බවයි.
ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි ද සොයිසා ලබන සතියේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ඔහුගේ නඩුව සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සඳහා දින නියම කිරීමට නීතිඥයින් අපේක්ෂා කරයි.
35 හැවිරිදි දර්ශනී ඒකනායක සහ මාස දෙකත් අවුරුදු හතත් අතර වයසේ පසුවූ ඇයගේ දරුවන් සිව්දෙනාගේ මෙන්ම පවුලේ හිතවතෙකුගේ මරණයට මෙම තරුණයා වගකිව යුතු බවට විමර්ශකයෝ චෝදනා කරති. ඔවුන් විශ්වාස කරන්නේ පවුලට පිහියකින් හෝ “වෙනත් තියුණු දාර සහිත ආයුධයකින්” පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවය.