ලංකාවෙ විශ්විද්‍යාල පද්ධතියේ මෙතෙක් නොවූ ප්‍රවේශයක් ගනිමින් සරසවියේ අධ්‍යාපනය ලබන සෑම පීඨයකම ශිෂ්‍යයෙක් සඳහාම මාසයකට පැය 13ක අර්ධ කාලීන රැකියා අවස්ථාවක් ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට පේරාදෙණිය සරසවිය කටයුතු කර ඇත.
පැයකට රුපියල් 350ක ගෙවීමක් සහිතව පේරාදෙණිය සරසවියේ සිසුන් 170ක් සඳහා පත්වීම් ලිපි ඔක්තොම්බර් 01 දා සිට ලබා දීමට සරසවි පරිපාලනය කටයුතු යොදා ඇත.
පේරාදෙණිය සරසවියේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය මුල් වී ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට සිසුන් 700ක් පමණ අයදුම් කර ඇතැයි පේරාදෙණිය සරසවියේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඩී. ළමාවංශ පැවසුවේය.
සරසවි ශිෂ්‍යයන් සමග ප්‍රමාණාත්මක සංවාදයක් ඇතිකරගැනීමෙන් පසු ඔවුන්ගේ අභිලාෂයන් ද හඳුනාගෙන මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබුවේ මේ වනවිට මතු වී ඇති සමාජ ආර්ථික පීඩනය සඳහා ප්‍රායෝගික පිළිතුරක් ලබා දීමට මෙන්ම පවුල් පරිසරයේ වර්ධනය වන ආර්ථික පීඩනයත් සමග සරසවි සිසුන් තුළ ඇති වී ඇති ආතතිය සමහන් කරගෙන ඵලදායී ජීවිත දැනුමක් ඔවුන්වෙත ලබා දීමේ අභිලාෂයෙන් බවත් මහාචාර්යවරයා කීවේය.
දැනට සරසවිය තුළ විවිධ අනධ්‍යන සේවා සැපයීම සහ අන්තර්ජාලය ඔස්සේ දැනුම හුවමාරුව වෙනුවෙන් සිසුන්ට මෙම පත්වීම් ලබා දී ඇති අතර සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සේවා කුසලතා අත්දැකීම සම්බන්ධව සහතිකයක් සරසවිය මගින් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි ඔහු පැවසුවේය.
කම්කරුවාගේ සුලු සේවකයාගේ සිට සාමාන්‍ය කාර්යාල පරිසරය හා ගැටෙමින් සේවා සපයන්නට සිදුවන මෙම ව්‍යෘපෘතිය දැනට සරසවිය තුළ අත්හදා බලන බවත් එහි සාර්ථක අසාර්ථකත්වය මත ඉදිරියේ දී සරසවියෙන් පිට අන්තර්කාලීන රැකියා අවස්ථා සඳහා සිසුන් යොමු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කළ හැකිදැයි තක්සේරු කරන බවත් උප කුලපතිවරයා කීවේය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය දිලීප් ද සිල්වා විසින් සිදුකරනු ලබයි.







