ඉන්දියාව විසින් බංග්ලාදේශයට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක් ලබා දුන් බව විදේශ ලේකම් විනායි මොහාන් ක්වාට්රා පවසයි.
බංග්ලාදේශයේ සමඟ ඇති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙලෙස තිරිඟු පිටි ප්‍රධානයක් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.
ද්විපාර්ශවික ව්‍යාපෘති ගණනාවකටම දෙරට අත්සන් තබා ඇති අතර බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී හතකට අත්සන් තබා ඇත. ඊට අමතරව දුම්රිය ව්‍යාපෘති දෙකකට අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා ඇති අතර ඉන් එකක් මාර්ග සංවර්ධනය සම්බන්ධ වන අතර අනෙක තොරතුරු තාක්ෂණ යෙදුම් සම්බන්ධ එකකි.
“අපි අපේ අසල්වැසියා වෙන බංග්ලාදේශය සමඟ බොහොමයක් සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සිදු කරන අතර එමඟින් දෙරටේ සම්බන්ධය වැඩි කර ගැනීමට ද බලාපොරොත්තු වේ…”
මාධ්‍ය හමුවකට සම්බන්ධ වූ විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කරයි.







