අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පොස උසස් පෙළ විභාගය කල් දමා ඇති අතර එය බොහෝ විට ඔක්තෝබර් සහ නොවැම්බර් අතර පැවැත්වීමට ඉඩ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පවතින තතතතවය පිළිබඳව සැලකීමෙන් මෙම තීරණය ගෙන ඇති අතර අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කෙසේ වුවද පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි.
2023 වසර ආරම්භයට පෙර දෙසැම්බර් 22 සහ 23 කාලය පමණ වන තෙක් මෙම වසරේ පාසල් පැවැත්වීම පිළිබඳව සලකා බැලලෙමින් පවතින දරුවන්ට උපරිම පාසල් දින ප්‍රමාණයක් ලබාදී මෙවර විෂය නිර්දේශය ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.