මුදල් අමාත්‍යංශය විසින් ඊයේ සිට ක්‍රියාත්මක කළ බදු වැඩිවීම් සමඟ ආනයනිත ඇපල් පෙට්ටියක මිල රුපියල් 26000ක් සහ දොඩම් පෙට්ටියක මිල රුපියල් 11,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙ අනුව ඇපල් ගෙඩියක මිල රුපියල 200 ඉක්මවා සහ දොඩම් ගෙඩියක මිල රුපියල් 120ක් ඉක්මවාත් සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වනු ඇති බව පිටකොටුවේ තොග ව්‍යපාරිකයෝ පවසති.
ඔවුන් පවසන ආකාරයට පවතින තත්ත්වය යටතේ මිදි කිලෝ ග්‍රෑම් එකක මිල 2000ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔවුහු පවසති. පසුගිය කාල සීමාව තුළ ආනයනය සීමා කර තිබූ භාණ්ඩ වර්ග 369ක් සඳහා යළි ගෙන්වීමට අවසර ය ලබා දෙමින් නමුත් ආනයන බදු සහ අධිභාර පනවමින් නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කරන ලද අතර මෙම ගැසට් නිවේදනයට අනුව මෙම භාණ්ඩ මිල මේ ආකාරයට ඉහල ගොස් තිබේ.