හිටපු ධීවර ඇමති, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චිගේ පුතා සිය බිරියත් සමග ඉතා නින්දිත අන්දමින් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
එම නින්දිත හැසිරීම දක්වන වීඩියෝවක් මේ වනවිට සමාජමාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත.
දක්ෂිණ අධිවේග මාර්ගයේ වීරකැටිය, බැදිගම අන්තර් හුවමාරුවේදී මන්ත්‍රී පුතා මෙම අශික්ෂිත හැසිරීම පෙන්වා තිබේ. ඔහුත් ඔහුගේ තරුණ බිරියත් අමු තිත්ත කතාවෙන් පොලිස් නිලධාරීන්ට බැණ වදින අයුරු වීඩියෝ සාක්ෂි සමගම එළි දැක තිබේ.
එම ප්‍රවේශයෙන් වාහනය ඉදිරියට නොගන්න ලෙස පැහැදිලි කිරීම මෙම අශිෂ්ඨ හැසිරීමට හේතු වී තිබේ. දේශපාලකයින්ගේ දරුවන් නීතිය අතට ගෙන උමතු ගවයන් සේ හැසිරෙන ආකාරය මේ සමාජයට දැන් ඕනෑවටත් වඩා ඇති බව සියල්ලන්ම සිහි තබා ගත යුතුව ඇත.
පූර්ණ පරීක්ෂණයක් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.
මේ ඒ නින්දිත හැසිරීමය…







