වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කොස් ඵලදාව මහජනතාවට නොමිලේ නෙලා ගැනීමට ඉඩ ලබා දෙන්නැයි කෘෂිකර්ම වන ජිවී සහ වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ අනුව කොස් ඵලදාව නෙලා ගැනීම පමණක් බපලත්‍ර නිකුත් කරන්නැයි ඇමතිවරයා අවසර ලබා දී ඇත.
වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් 3000ක් පමණ දිවයින පුරා පිහිටා ඇති අතර ඒ සියලුම ඉඩම්වල කොස් වගාකර ඇති බවත් මේ වන විට එහි සරුසාර ඵලදාවක් හටගෙන ඇති බවත් නිලධාරීන් ඇමතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව ඇමතිවරයා මෙසේ උපදෙස් දී ඇත.
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල කොස් දෙල් වැනි ආහාර විශාල වශයෙන් ගස් යට වැටී අපතේ යන බැවින් ආහාර අර්බුධයක් පවතින මෙවන් කාලය ඒවා කල් තබා ගනිමින් ආහාර සදහා යොදා ගැනිමේ විශේෂ වැඩපිළිවෙල් ආරම්භ කළ යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයී.