බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒක මරු දිනුමක්… කාලෙකට පසු දඹුල්ල මගුල් ගෙයක් වෙයි….

by editor
ජනවාරි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තියුණු තරගයකින් පසු තුන්වන සහ අවසන් විස්සයි 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. ඒ ලකුණු 14කිනි. තරගාවලිය 1- 1ක් සේ සමය.

අවසන් මොහොතවන තුරු අත් නොහැර තරග කළ පකිස්ථානු කණ්ඩායමේ  තරගකාරී විලාශය කාලයකින් කදිම තරගයක් නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ඉඩ හසර සලසා දුන්නේය.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ තරගය පැවැත්වෙනු ඇතැයි කිසිවෙක් විශ්වාස කළේ නැත. එහෙත් ධාරාණිපාත වර්ෂාව දරාගෙන දහස් ගණන් ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු සහිතව දඹුල්ල ක්‍රීඩාංගනයේ රැඳි සිටියහ.

තරගය පැය 2කුත් විනාඩි 20ක් ප්‍රමාද වී රාත්‍රී 9.20ට ආරම්භ වුනේය. ඒ එක් පිලකට පන්දුවාර 12ක  තරගයක් ලෙසිනි. කාසියේ වාසිය දිනු පකිස්ථාන නායක සලමන් අගා මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථා ශ්‍රී ලංකා පිලට ලබා දුන්නේය.

පන්දු දෙකකට පමණක් මුහුණ දී පැතුම් නිශ්ශංක ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් එතැන් සිට සෑම පිතිකරුවෙක්ම ස්වකීය පිතිකරණ වගකීම ඉටු කරමින් අත් නොහැර තරග කළහ. වේගවත් ඉනිමක රිද්මය සොයා ගත් කමිල් මිෂාර පන්දු 08ක දී ලකුණු 20ක් ලැබුවේය.  අත් හැරිය උඩ පන්දුවේ වාසිය ලබා ගත් කුසල් මෙන්ඩිස් පන්දු 16ක දී ලකුණු 30ක් ලැබුවේය. ඒ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගිනි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ධනංජය ද සිල්වා පන්දු 15ක දී ලකුණු 22කි. චරිත් අසලංක පන්දු 13ක දි ලකුණු 21කි. විශිෂ්ටම පිතිකරණය අද පෙන්වූයේ දසුන් ශානකය.  ඔහු වසර ගණනාවකින් ස්වකීය ප්‍රවේගකාරී පිතිකරණයට ප්‍රවේශ වුනේය. හයේ පහර 05ක් සමගින් පන්දු 09ක දි දසුන් ලකුණු 34ක් ලැබුවේය.

මේ ඉනිමේ වඩාත්ම අලංකාර සහ බුද්ධිමත්ම පිතිකරණය ජනිති ලියනගේ ගෙන් ප්‍රකට විය. ඔහු හයේ පහරක් සහ හතරේ පහර 03ක් සමග පන්දු 08ක දී ලබා ගත් ලකුණු 22ත් දසුන් සමග ගොඩනැගු සම්බන්ධතාවයත් මේ තරගය වෙනම තැනකට ගෙන ගියේය.

ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 12 තුළ කඩුළු 06ක් දැවී ලකුණු 160ක දැවැන්ත ඉලක්කයක් පකිස්තානු කණ්ඩායමට ලබා දුන්නේය.

පකිස්ථාන කණ්ඩායමේ වැඩිම කඩුලු ගණනක් ලැබූ පන්දු යවන්නා  මොහොමඩ් වසීම්ය. ඔහු කඩුළු 03ක් ලබා ගත් නමුත්  ඔහුගේ පන්දු ඕවර තුනෙන් ලකුණු 54ක ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ උදුරා ගත්හ. දසුන්ගේ නිර්දය ප්‍රහාරයට වසීම් ලක්වුනේය. නසීම් ෂා, මොහොමඩ් නවාස් සහ ෆහීම් අෂ්රෆ් කඩුල්ල බැගින් ලැබුහ.

පකිස්ථාන ඉනිම

ලකුණු 160ක දැවැන්ත ඉලක්කය පකිස්තාන පිතිකරුවො සටන්කාමී ලෙස භාර ගත්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බරපතල හිසරදයක්ව සිටි ෂහීබ් ෆර්හාන් සහ සයිම් අයුබ් ආරම්භක පිතිකරු යුවල කලින්ම ක්‍රීඩාගාරයට යැවූ බව සැබෑය. ෆර්හාන් ලබා ගන්නේ ලකුණු 09කි. සයිම් අයුබ් ලකුණු 06කි.

එහෙත් නායක සල්මන් ආගා ප්‍රදර්ශනාත්මක පිතිකරණයක යෙදුනේ ප්‍රේක්ෂාගාරයත් නිහඬ කරවමිනි. ඔහු පන්දු 12ක් තුළ ප්‍රවේගවත් ලකුණු 45ක් ලැබුවේය. ඊට හතරේ පහර 05කි. හයේ පහර 03කි.

පකිස්ථාන බලාපොරොත්තු ඉහළ නන්වමින්  තරගය අත්නොහැර සිටි මොහොමඩ් නවාස් පන්දු 15ක දී ලකුනු 28ක් ලැබුවේය. අද දිනයේ සිය මංගල ජාත්‍යාන්තර විස්සයි 20 තරගය ක්‍රීඩා කරන කඩුළු රකින ක්‍රීඩක කවාජා නෆායි පන්දු 15ක දී ලකුණු 26ක් ලැබුවේය.

පන්දු ඕවර 12 අවසානයේ දී පකිස්ථාන කණ්ඩායමට රැස් කරන්නට හැකි වූයේ කඩුළු 08ක් දැවි ලකුණු 146කි.

නැවත වරක් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 35කට කඩුළු 04ක් බිඳ හෙළුවේය. තරගයේ වීරයා වනිඳුය.  මතීෂ පතිරණ ලකුණු 34කට කඩුළු දෙකක් සහ පන්දු ඕවර 2ක් යැවූ එෂාන් මාලිංග ලකුනු 27ට කඩුල්ලක් ලැබුවේය.

ශ්‍රි ලංකා කණ්ඩායම මේ තරගයේ දී සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටි බව කිව යුතුය. එක උඩපන්දුවක් හෝ අත් හැරියේ නැත. එෂාන් මාලිංග ගේ විශිෂ්ට පන්දු රැකීම් ප්‍රේක්ෂක මතකයේ රැඳිනි. ඔහු හයේ පහරක් වළක්වා ගත් අන්දම මේ තරගයේ හොඳම පන්දු රැකීම ලෙස සලකුනු වනු ඇත.

බලාපොරොත්තු නන්වන තරගයක් අවසානයේ ප්‍රේක්ෂක ප්‍රාර්ථනාව මේ ලැබූ ජයග්‍රහණයේ උත්තේජනයෙන් කණ්ඩායම තුළ ඉහළ අපේක්ෂාවන් නන්වා ගැනීමය.  දඹුල්ලේ  මහ වැස්ස දරාගෙන  මැදියම වනතුරු ක්‍රීඩාංගනයේ ගත කළ  ක්‍රීඩා ලෝලීන්ගේ  ප්‍රමෝදය දකිනවා නම් ඒ වෙනුවෙන් හෝ ශ්‍රි ලංකා කණ්ඩායමට යළි වෙනස් විය හැකිය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලාපොරොත්තු සමග පන්දු ඕවර 12 තරගයක්… කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම පන්දු රැකිම තෝරයි…

Next Post

අග්‍රාමාත්‍ය වරිය ඉවත් කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුලා ගන්න… ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනපතිට ලියති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.