හැටන් රංජිත් රාජපක්ෂ –
වතු කම්කරුවන්ගේ වැඩි කළ වැටුප නොගෙවන්නේ නම් වතු පාලන අධිකාරියේ නිවාස ගිනි තබන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපලේ ප්‍රධාන නියාමන නිලධාරියා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එස්.බී දිසානායක මෙම ප්‍රකාශය කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති සාකච්ඡාවක් අතරතුර බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමිනි.
කොළඹ කොටස් වෙළෙඳපලේ ප්‍රධාන නියාමන නිලධාරියා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙවැනි තර්ජන හේතුවෙන් දේශීය අරමුදල් කළමනාකාරුවන් සහ විදෙස් ආයෝජකයින් දැඩි අවධානමකට ලක් වී සිටින බවය.
දේශපාලන මැරයින් ස්වකීය ඉඩම්වලට ගිනි තැබීමට පටන් ගතහොත් තේ රබර් පොල් අපනයනකරුවන් ගේ විදේශ විනිමය නැතිවීමට ඉඩ ඇති බව ද එම ලිපියෙන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.







