බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහ දමා කෙස් සිඳපු මිනුවන්ගොඩ සැලෝන් කඩේ කාන්තාවන්ට විශේෂ පොලිස් අනුග්‍රහයක්?…

by editor
සැප්තැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • අධිකරණ නියෝගය නිකුත් කර දින 07යි… තවම අත්අඩංගුවට ගෙන නෑ…. ඉදිරි සියලුම කටයුතු අඩාලයි!

විෂ සහිත අලේපයක් ගැල්වීමෙන් අනතුරුව කොණ්ඩය සකස් කරගැනීමට පැමිණි කාන්තාවකගේ හිසකෙස් සියල්ල ගැලවීයාමෙන් පසු සැලෝන් එකේ ඉබි යතුරු දමා පලා ගොස් ඇතැයි කියන කාන්තාවන් තුන්දෙනා අධිකරණ නියෝග මත අත් අඩංගුවට ගැනීමට හෝ  ඉබි යතුරු දැමූ සැලෝන් එකේ ඉබි යතුරු ඉවත් කර දී අධිකරණය නියෝග කර ඇති පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා  පාරිභෝගික අධිකාරියට ඉඩලබා දීමට මිනුවන්ගොඩ පොලිසිය අසමත්වීම සම්බන්ධව මේ වනවිට දැඩි විවේචනයක් මතු වෙමින් තිබේ.

මිනුවන්ගොඩ පොලිසියේම පොලිස් පොඩ්ඩන් පවසන්නේ අධිකරණ නියෝගය නිකුත් වී දින 07ක් ගතවනතුරුත් මෙම කාන්තාවන් තිදෙනා අත් අඩංගුවට ගැනීමට අපොහොසත්වීම පොලිසියේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමේ විමර්ශනවල නොහැකියාවක්ම නොවන බවය.

වින්දිත කාන්තාව මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ පසුගිය 30 වැනිදා ය. ඇය එදිනම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරන්නීය. එදිනම පොලිසිය මෙම සැලෝන් එකට යනවිට සැලොන් එකට ඉබි යතුරු දමා මෙම කාන්තාවන් නිවෙස්වලින්ද පලා ගොස් තිබිණි.

සිද්ධියෙන් වින්දිත කාන්තාව එදිනම මිනුවන්ගොඩ රෝහලට ඇතුළු වීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කර යවා තිබිණි. 31 වැනිදා රෝහලෙන් පිටව එන ඇයගේ වැඩිදුර ප්‍රකාශ සටහන් කරගන්නේ පසුගිය 01 වැනිදා ය. පසුගිය 02 දා පොලිසිය උසාවියට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන අතර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වූ ටී තේනබදු සිද්ධියට අදාල කාන්තාවන් තිදෙන් අත් අඩංගුවට ගැනිමට සෝදිසි වරෙන්තුවක් නිකුත් කරන්නීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මීට අමතරව පාරිභෝගික සේවා අධිකාරියට රූපලාවණ්‍ය ද්‍රව පරීක්ෂා කර බලා වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය. මේ පිළිබඳව අප කළ විමසුමක දී පාරිභෝගික අධිකාරියේ
ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම පවසන්නේ ඉබි යතුරු දමා ඇති රූපලාවන්‍යාගාරය විවෘත කරගැනීමට ඇති නීතිමය බාධකය හේතුවෙන් මහේස්ත්‍රාත් නියෝගය මත ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීමට නොහැකි වී ඇති බවය.

උසාවි නියෝග දිලා තියෙන්නේ වරෙන්තු කාරයො අල්ලන්න. අපට දීලා තියෙන්නේ වාර්තාවක් දෙන්න. ඉබි යතුරු කඩලා සැලෝන් එකේ ඇති ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනයක් කරන්න නම් මුලින්ම මේ සැකකාරියො පොලිස් අත් අඩංගුවට ගන්න ඕන. අපේ පනතට අනුව ව්‍යාපාරික ස්ථානයක් පරීක්ෂා කරනවා මිසක් යම් ස්ථානයක ඉබි යතුරු කඩලා පරික්ෂා කරන්න බලයක් නෑ. අඩුම තරමින් පොලිසිය සැකකාරියන්ගේ ඥාතියෙක් හෝ අරන් ඇවිත් එම ස්ථානය විවෘත කරනවා නම් අපට ප්‍රශ්නයක් නෑ.” ඔහු පැවසුවේය.

පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ සිද්ධිය සම්බන්ධව පොලිසියට අවස්ථා කීපයක දී දැනුම් දුන්නත් නිශ්චිත පිළිතුරක් නොලැබුන බවය.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධව දිවා රෑ නොතකා පොලිසි විමර්ශන සිද්ධ වෙමින් ඇති ආකාරය ය.

සිද්ධිය සම්බන්ධව ලබන 13 දා පොලිසිය උසාවියට කරුණු දැක්වීමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එස්.බී.ගේ හැකර කට යළිත් අවුලක් ඇති කරගෙන… වතු පාලන අධිකාරියේ දේපල ගිනි තබන බවට කළ තර්ජනයෙන් කොටස් වෙළඳපල තැති අරන්…

Next Post

ගීතා රනිල්ගෙන් ගැලවී සජිත්ට එක්වෙයි… ගිය සතිය වනතුරු කීවේ ජාතියට හුස්ම දුන්න පියා රනිල් ජනපති කරමු කියලා….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.