එස්.ටී.එෆ් වෙඩි පහරින් ඝාතනය වූ අබ්බා නොහොත් ඩිලාන් සමීර පානදුර කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයෙක් ලෙසත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ලෙසත් මේ වනවිට ප්‍රචාරණය වෙමින් තිබුණ ද මෙම පුද්ගලයාට වෙඩි කා මිය යන විට සලිඳු සමග දැඩි අමනාපයකින් පසු වූ බවත් සළිඳු විසින් අබ්බාට මරණ තර්ජන එල්ල කර තිබු බවත් හෙළිවන්නේ යැයි අභ්‍යන්තර පොලිස් විමර්ශන ආරංචි මාර්ග පවසයි.
අබ්බා සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයේ සිටි අයෙක් වුවද ඔහු අවසන් කාලයේ සළිඳු සමග අමනාප වී ඇත්තේ සළිඳුගේ අනියම් පෙමවතියක් සම්බන්ධව පැන නැගී ඇති ගැටුමක් හේතුවෙනි.
එම පෙම්වතිය සළිඳු විසින් ඩුබායි වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කර තිබුණත් ඇය ඔහු වෙත පැමිණීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයව ඝාතනය කිරීමට සළිඳු අබ්බා වෙත පවරා තිබේ. ඔහු ඒ කටයුත්ත කිරීමට නොහැකි බව පවසා ඇති බවත්, ඒ හේතුවෙන් සළිඳු අබ්බා සමග උරණ වී ඇති බවත් පැවසේ.
අනතුරුව කාන්තාවගේ අත් දෙක කැපීම සඳහා සළිඳු විසින් කුලී කරුවෙක් යොදවා ඇති අතර ඔහුව අපරාධ ස්ථානයට යතුරුපැදියකින් රැගෙන ගොස් ඇත්තේ අබ්බාය.
මේ සිද්ධිය මුල් කරගෙන ඇතිවූ ආරවුල නිසා දෙදෙනා විරසක වී ඇති බවත් අබ්බාව මරා දමන්නේ යැයි සළිඳු තර්ජනය කර ඇති බවත් වාර්තා වන්නේ ඉන් අනතුරුවය.







