බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහල ගම් හතක් කළඹා ෆේස් බුක් පෙම්වතා සොයා ගිය 13 හැවිරිදි දැරිය….

by editor
පෙබරවාරි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පොළ – සුරංග දිල්හාන් ගම්පොළ –

නොදරුවන් ගර්හාවට ලක් කර පළක් නැත. ඔවුන්ට මේ ලෝකයේ දිග පළල තේරෙන්නේ නැත.  මනෝ කායික හැසිරීම්වල වෙනසක් වන නව යෞවන අවධියේ දරුවන්ගේ හැසිරීම් තේරුම් ගත නොහැකි ගොබ්බ අම්මලා සහ තාත්තලා දණ්ඩනයට ලක් කළ යුතු සමාජයක අප ජීවත් වනබව කියන්නට මේ සිද්ධිය දිවයින පුවත්පතින් උපුටා රැගෙන පල කරමු. දරුවන් අන්තර්ජාලයට විවෘත කළ යුත්තේ ප්‍රවේශමෙන් බවත් එහි නිත්‍ය වගකීම මා පිය, ගුරුවරු, වැඩිහිටියන් වෙත ඇති බවත් පුන පුනා කියද්දීත්, අන්තර්ජාල අවභාවිතයෙන් සිදුවන   ඛේදවාචක හෙළි වෙද්දීත් මේ සිද්ධි පුනරුච්ඡාරණය වීම සමාජයක් ලෙස අප යළිත් විමසිය යුතුය. මෙසේ වාර්තා වන්නේ අතරින්පතර දැක්වෙන එක් තීරණාත්මක සිදුවීමක් පමණක් බැවිනි.

  • පොලිසියෙන් නිල සුනඛයන් යොදවලා… ගම්මු දින දෙකක් මුලු පළාතම සෝදිසි කරලා…

  • ඔන්ලයින් කරන්න ගෙනත් දුන්න දුරකථනයට ආපු මිස් කෝල් එකකින් සම්බන්ධය පටන් අරන්… ඡයාරූපයකුත් ගෙන්නවාගෙන

  • පෙම්වතා හොයාගෙන බගවන්තලාවට ගහින් බලනකොට ඡායාරූපයේ ඉන්නේ කතා කරපු පෙම්වතා නොවෙයි…

  • ඡායාරූපයේ ඉන්නා කෙනා සොයාගෙන මීගමුවට ගිහින්… ඔහු තමන් කිසිවෙකුට ඡායාරූප එව්වෙ නැති බව කියූ නිසා ගෙදරට කතා කරලා ගෙදර ඇවිත්…

නිල්ලඹ කාර්යාල හන්දිය ප්‍රදේශයේ දී අතුරුදන්වූ බවට ලද පැමිණිලි අනුව පොලිස් නිල සුනඛයන් ද යොදා සොයන ලද 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ෆේස්බුක් පෙම්වතෙක් සොයා ගොස් සිටියදී භාරකරුවන් විසින් දින 2 කට පසු ගලහ පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

සිය නැන්දාගේ (පියාගේ සොයුරිය) නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටියදී ඇය අතුරුදන් වූ බවට ගලහා පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණ.

දැරියගේ අධ්‍යාපන කටයුතු සඳහා රැගෙන දුන් ජංගම දුරකථනය වෙත වැරදීමකින් පැමිණි ඇමතුමක් අනුව පෙම්වතියක් වී ඇති මෙම දැරිය දිගින් දිගටම එම පෙම්වතා සමඟ කතාබස් කර ඇත. එම පෙම්වතා බගවන්තලාව ප්‍රදේශයේ අයකු බව පවසා ඇත. ඔහුගේ ඡායාරූපයද දැරියගේ දුරකථනයට එවා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය 7 දා නිවැසියන්ට හොර රහසේ මෙම දැරිය සවස පහට පමණ රෙදි බෑගයද රැගෙන ප්‍රධාන මාර්ගයට පැමිණ පසුව ත්‍රිරෝදයකින් ගම්පොළට පැමිණ තිබේ. ත්‍රිරෝදයේ සිටි රියදුරුගෙන් රුපියල් සීයක් ඉල්ලාගෙන ඇති දැරිය හැටන් බලා ගොස් එහි බැස එතැනින් බගවන්තලාව බස් රථයකින් බගවන්තලාව නගරයට පැමිණ ඇත.

මහ රෑ බගවන්තලාවට යයි

රාත්‍රී 11. 30 ට පමණ පෙම්වතා යැයි කිවූ අයට ඇය පැමිණ ඇති බව දුරකථනයෙන් පැවසීම නිසා එම පෙම්වතා ඔහුගේ ආච්චී හා නැගණිය සමග එහි පැමිණ තිබේ. නමුත් දුරකතනයට එවූ ඡායාරූපයේ ඉන්නේ ඔහු නොවන බව ඇය හඳුනා ගැනීම නිසා ඒ පිළිබඳව විමසීමේදී එම තරුණයා පවසා ඇත්තේ ඡායාරූපයේ සිටින කෙනා මීගමුව ප්‍රදේශයේ සිටින බවයි.

බලාපොරොත්තු සුන්වූ දැරියට ආච්චිගෙන් නවාතැන්

මේ නිසා ඇගේ බලාපොරොත්තු සුන් වී තිබේ. නමුත් එහි පැමිණි ආච්චි විසින් මෙම දැරිය රැගෙන ගොස් එදින රාත්‍රී ඇගේ නිවසේ නවාතැන් දී පසුදා දැරියට රුපියල් 400 ක මුදලක් ලබාදී මීගමුවට යන ලෙස පවසා ඇත. දැරිය පසුදා කොළඹ බස් රථයකට නැග කොළඹට විත් පසුව යළි මීගමුව බලා ගොස් තිබේ.

සවස හයට පමණ මීගමුවට මෙම දැරිය යන අවස්ථාවේ  බගවන්තලාව මිතුරා කළ දැනුම්දීමකට හා දැරියගේ දුරකථන ඇමතුමකට අනුව ඡායාරූපයේ සිටි කෙනා බස් නැවතුමට පැමිණ තිබේ.

ඡායාරූපයේ සිටි කෙනා මීගමුවට ඇවිත්

නමුත් එම පුද්ගලයා දැරියට පවසා ඇත්තේ තමන් කාටවත් ඡායාරූප යවා නොමැති බවයි. පසුව දැරිය විසින් ඇගේ මවට කතා කර යළි මීගමුවේ සිට එදින රාත්‍රියේම මහනුවරට පැමිණ තිබේ. පසුදා අ ̈යම 1.30 ට පමණ දැරිය නුවර බස් නැවතුම්පළට පැමිණෙන විට ඇගේ මව හා අනෙකුත් ඥාතීන් එහි පැමිණ සිටි අතර දැරිය පසුදා ගලහා පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

පොලිසිය විසින් දැරියගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.

දැරිය අතුරුදන් වූ බවට ලද පැමිණිල්ල අනුව ගලහා පොලිසිය විසින් නිල සුනඛයන් ද ගෙන්වා පරීක්ෂණ සිදුකර තිබුණි. එසේම ගම්වාසීන් හා ඥාතීන් එක්ව මෙම දැරිය සොයා ගම්මාන කිහිපයක හා අවට ගල් ගුහා කැලෑබද ප්‍රදේශ මෙන්ම බෝක්කු හා පාළු නිවාසවල පවා ඇය සොයා තිබේ.

ඇඳුම් බෑගයත් මාරුවෙයි

මෙම දැරිය ආදරවන්තයා සොයා යෑමට කලින්ම සැලසුම් කර තිබී ඇති අතර ඒ අනුව ඇඳුම් බෑගය පවා සූදානම් කර තිබී ඇත. නමුත් ඇය රහසින් පලා යන අවස්ථාවේ සූදානම් කර තිබූ ඇඳුම් බෑගය මාරු වී ගෙදර තිබූ වෙනත් බෑගයක් රැගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත. ඒ අනුව එම වැරැදි බෑගයේ තිබී ඇත්තේ නැන්දාගේ රෙදි  හා සාරි කිහිපයකි.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රීයන්ත පීරිස් මහතාගේ උපදෙස් මත ගලහා වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ.

දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ දැවැන්ත උද්ඝෝෂණයක… 06වන දිනටත් වර්ජනය දිගටම…

Next Post

එස්.ටී.එෆ් වෙඩි පහරින් අබ්බා මිය යන්නේ   සළිඳු එක්ක විරසකවෙලා ඉද්දි….  

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.