කීර්ති ප්‍රනාන්දු –
උසාවියෙන් වාරණ නියෝග දෙක්ක නිකුත් වී තිබේද්දී සහ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබියදී හයවන දිනයටත් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයේ නිරතවෙමින් සිටිති.
වර්ජනය හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ, රෝගීන්ට ඖෂධ සැපයීම, විකිරණ පරීක්ෂණ, මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවන්, වාට්ටු සහ ඒකකවල රෝගී සත්කාරක සේවාවන්, අදත් ඇණහිටියේය.
මේ අතර අද ගම්පහ මහ රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවක වෘත්තිය සමිති 18ක නියෝජිතයෝ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
දහසකට ආසන්න පිරිසක් ඊට එක් වී සිටියහ.
වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් රවී කුමුදේශ් සහ වර්ජනයට එක්වී සිටින වෘත්තීය සමිති 18හි ගම්පහ දිස්ත්‍රික් නායකයන් මෙම වර්ජනයට එක් වී සිටිති.
වර්ජනය සම්බන්ධව මාධ්‍යයට අදහස් දැක්වූ රවී කුමුදේශ් කියා සිටියේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මර්ධනය කීරීම අත්හැර තමන් සමග සාකච්ඡාවකට පැමිණ ස්ථිරසාව විසඳුමක් දෙන ලෙසත් එසේ ලබා දෙන්නේ නම් පැය දෙකකින් අරගලය නවත්වන බවත්ය.