සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එස්.අයි සිය දිවි හානිකර ගත්තා ද?… ආයුධ සිද්ධියක් හෙළිවීම වැලැක්වීමට ඝාතනය කළාද?… අධිකරණයේ දී දිගහැරෙන කතාව!

by editor
ජනවාරි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ. ජේ. ඒ. අබේනායක –

පසුගිය දෙසැම්බර් 6 වැනිදා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරි කරමින් සිටියදී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය ඇතුළු පවුලේ සමීප ඥාතීන්ට සාධාරණ සැකයක් මතු වී ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල එගොඩමහවත්ත   කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ   හමුවේදී ප්‍රකාශ කළේය.

ඒ ඊයේ (12) සවස මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

ගිනි අවි රැගත් ජිප් රථයක් පැමිණෙන බවට 118 හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණ තොරතුරක් අනුව පෑලියගොඩ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේදී එම ජිප් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම මරණය සිදුවී ඇති බවත් මියගිය අය එකී ප්‍රභු ජිප් රථය පරීක්ෂා කිරීමටඅදාළව තබා ඇතැයි කියන සටහනේ අත් අකුරු ඔහුගේ අත් අකුරු නොවන බව පෙනී යෑම ඇතුළු සුවිශේෂී කරුණු කිහිපයක් නිසා එම සැකය මතු වී ඇති බවත් නීතිඥ අමිල එගොඩමහවත්ත  අධිකරණයට පැවසීය.

එම ජිප් රථය පැමිණීමෙන් පසුව තමා ඒ බව පෑලියගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියාට දැන්වූ බවත් ඒ අනුව එම නිලධාරියා අදාළ ස්ථානයට පැමිණ මෙම වාහනය පරීක්ෂා නොකරන ලෙස පොලිස් කොට්ඨාස අධ්‍යක්ෂවරයාගෙන් නියෝගයක් ඇති බව මියගිය නිලධාරියාට කියා ඇති බවත් ඔහු එම විස්තර ඔහුගේ බිරිඳට පවසා ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පැවසීය.

එසේ නමුත් තමා එම රථය පරීක්ෂා කර බලා පිටත් කළ බවට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇති බව ද මරණකරු සිය බිරිඳට පවසා ඇති බැවින් එම අත්අකුරු සම්බන්ධයෙන් රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර එකී අත්අකුරු හා එම සටහන් පොතේ වර්තමාන ස්වභාවය පිළිබඳව විශේෂඥ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසට ද නීතිඥ අමිල එගොඩමහවත්ත   අතිරේක මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එකී ජිප් රථය පෑලියගොඩ අධිවේගී මාර්ගයේ නැවැත්වීමෙන් පසුව ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් යැයි සැක කළ හැකි නිලධාරීන් දෙදෙනකු ජිප් රථයෙන් බැස එන අයුරු සහ එහි එක්තරා ප්‍රභූ කාන්තාවක් සිටින බවටඉදිරිපත් වූ සී. සී. ටී. වී. දර්ශන අනුව පැහැදිලි වන නමුත් මරණකරු එම ජීප් රථය පරීක්ෂා කරන බවක් එමගින් පෙන්නුම් නොකරන බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.

එම සිද්ධිය මුල් කරගෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් මරණකරුට, වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියාට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එම වකවානුවේ එම නිලධාරීන් දෙදෙනාගේ හා ජීප් රථයේ ගමන් කර ඇති ප්‍රභූ කාන්තාවගේ දුරකථනයට ලැබී ඇති ඇමතුම් පිළිබඳ වාර්තා කැඳවන ලෙසට ද නීතිඥ අමිල එගොඩමහවත්ත අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පොලිස් නිලධාරියා රාජකාරි නිමකර විවේකය වාර්තා කර සිටියදී දෙසැම්බර් 6 වැනිදා ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගත් බව පැවසුවත් මෘත දේහය වැටී තිබූ ආකාරය හා එම ගිනි අවිය වැටී තිබූ ස්ථානය මෙන්ම උණ්ඩය ගමන් කර ඇති ආකාරයත් එම මරණය සිදුවූ අවස්ථාවේදී යම්කිසි නිලධාරියකු විසින් පටිගත කර ඇති වීඩියෝ දර්ශන අනුවත් බලවත් සැකයක් පවතින බවත් නීතිඥවරයා අධිකරණයට පැවසීය.

එබැවින් එම මරණය සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරි කළ නිලධාරීන්ගේ තොරතුරු වීඩියෝ දර්ශන ද අධිකරණයට කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා කළ සියලු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් මේ වනවිටත් කටයුතු කර ඇති බව පෑලියගොඩ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන්වරයා අධිකරණයට

දැනුම් දුන්නේය. විමර්ශනවල ප්‍රගතිය හා වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන මාර්තු 15 වැනිදා දක්වා කල්තැබීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එකී ප්‍රභූ වාහනය සම්බන්ධයෙන් ලැබී තිබූ 118 හදිසි දුරකථන ඇමතුමට අදාළව මීගමුව කොට්ඨාශ කාර්යාලය විසින් 2023/12/06 වන දින ප්‍රකාශ ලබා ගැනීමට මරණකරු කැඳවා තිබියදී එම වෙඩි තබා ගැනීම සිදු වී ඇතැයි ද අධිකරණය හමුවේදී අනාවරණය විය.

වසර 34 ක සේවයකින් පසුව විශ්‍රාම යෑමට මාස හයක් වැනි සුළු කාලයක් තිබියදී මෙම මරණය සිදු වී ඇතැයි ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට පැවසීය. – දිවයින

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාම සාධක හමුදා රාජකාරිවල නිරතව සිටිය දී අනතුරට ලක්වුන එම්.අයි.17 යානයේ ගුවන් නියමුවා සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතයි…

Next Post

කන්දක් විලිලා කාංචන මී පැටියෙක් වදයි… යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම 3.34% යි  අවම කාණ්ඩයට සහනය රුපියලයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.