සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එපා කී පොහොරවලටත් ඩොලර් මිලියන 9ක් අනිවාර්යයෙන් චීනෙට ගෙවන්න වෙනවා

by Lanka Sara Editor
ඔක්තෝබර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වීම හේතුවෙන් ප්‍රතික්ෂේප වූ චීන කාබනික පොහොර තොගය ගෙන්වීම සඳහා විවෘත කළ ණයවර ලිපියට අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 9ක් අනිවාර්යයෙන්ම ගෙවීමට මහජන බැංකුවට සිදුවන බව මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු මහතා පවසයි. මේ තත්ත්වය මහජන බැංකුවටද අභියෝගාත්මක තත්ත්වයක් විය හැකි වත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

මාධ්‍යව්දී චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මහජන බැංකුව අසාදුලේඛනගත වීමට හේතුව අධිකරණ වාරණ නියෝගයක් මත ඇති වූ තත්ත්වයක් බවත් එය ජාත්‍යන්තර ගනුදෙනුවක් සම්බන්ධ ප්‍රශ්නයක් වුවද වෙනත් ගනුදෙනු සම්බන්ධයෙන් නිසැකවම මෙය සුරක්ෂිත බවත් සාමාන්‍යාධිකාරී කොඩිතුවක්කු මහතා පැවසීය.

පොහොර තොගයේ ආනයනකරුවා වන කොමර්ෂල් පොහොර සමාගම විසින් ලබා දෙන ලද කොන්දේසිවලට අනුව මෙම ණයවර ලිපිය විවෘත කිරීමට මහජන බැංකුව කටයුතු කර ඇති බවත් මෙහිදී ආනයනකරු විසින් යොදන ලද කොන්දේසි සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු සිදුවන්නට හෝ නොදැනුවත් බව නිසා සිදුවන්නට ඇති බවත් ඔහු පෙන්වා දෙයි. කෙසේ වුවද විවෘත කළ ණයවර ලිපිය මත බැංකුව චීන සමාගමට අදාළ මුදල ගෙවීමට බැඳී සිටින බවත් දැනට සිදුව ඇත්තේ අධිකරණ ක්‍රියාවලිය අනුව අපට ලද වාරණ නියෝගයට අනුව කටයුතු කිරීම පමණක් බවද සඳහන් කළ සාමාන්‍යාධිකාරීවරයා අධිකරණ වාරණය ඉවත් කළහොත් අපට මෙම මුදල ගෙවන්නට හැකියාවක් ලැබෙන බවද පෙන්වා දුන්නේය.

“ අපි වගකිව යුතු බැංකුවක් ලෙස රටේ අධිකරණ ක්‍රියාවලියට ගරු කළ යුතුයි. මේ බව අප චීන තානාපති කාර්යාලටත් දැනුම් දී තිබෙනවා. බැංකු අසාධුලේඛන ගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුවට වගකීමක් නැති බව අප පෙන්වා දුන්නා. එය තනිකරම අධිකරණ ක්‍රියවලියක්. ඊට පාර්ශ්වකරුවන් වන්නේ මෙම පොහොර තොගය ගෙන්වූ කොමර්ෂල් පොහොර සමාගම ඇතුළු පාර්ශ්වකරුවන්. මේ වනවිට බැංකුවට මේ අසාදුගත කිරීමේ තත්ත්වය නිවැරදි කර ගන්න මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු කවුරුත් වෙහෙස වී කටයුතු කරනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාන්‍යයෙන් ඕනම බැංකුවක් ණයවර ලිපියක් විවෘත කරන්නේ එයින් ගෙන්වන භාණ්ඩ දෙස බලා නෙවෙයි. ලියකියවිලි මතයි. භාණ්ඩ සම්බන්ධ කොන්දේසි ආනයනකරු සහ අපනයනකරු අතර එකඟතාවෙන් සකස් කළ යුතුයි. එහි වගකීමක් බැංකුවට නැහැ. මෙහිදී අදාළ කොන්දේසිවල යම් අඩුපාඩු තිබෙනවා වෙන්න පුළුවන්. ඒ ඇතැම් විට නොදැනුවත් බව නිසා වෙන්න පත් පුළුවන්. කොහොම වුණත් අධිකරණය මෙය අදාළ කොන්දෙසි මත ගෙවිය යුතුයි කියල නිගමනය කළොත් හෝ වාරණ නියෝගය ඉවත් කළොත් අපට අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 9ක් ගෙවන්න වෙනවා.“ යයිද පැවසීය.

කෙසේ වුවද ජාත්‍යන්තර ගනුදෙනුවලදී මෙවැනි අත්දැකීම්වලට බොහෝ බැංකු මුහුණ දෙන බවත් අධිකරණ ක්‍රියාවලියක් හේතුවෙන් බැංකුවේ ශ්‍රේණිගත කිරීම්වලට බලපෑමක් සිදු නොවන බවත් මෙම ගනුදෙනුව හේතුවෙන් මහජන බැංකුවේ ස්ථායීතාවයට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“උතුරේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා හෝ වැඩ කරනවා” – රිෂාඩ් බදුයුදීන්

Next Post

විසඳුම් නැතිනම් ඇලහැර උපවාසය තව දින 02කින් මාරාන්තික උපවාසයක් වේවී! – ගොවි සංවිධාන අනතුරු අඟවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.