නාතාෂා නෙත්මිණි –
ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද “ඇස්ට්‍රා සෙනෙකා” හෙවත් “කොවිෂීල්ඩ්” එන්නත දිනකට රටේ ජනගහනයෙන් ලක්ෂ 5ට ලබා දීමට අදහස් කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝගපාලනකටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේය.
මේ අනුව කොවිඩ් මර්දනය සඳහා වන එන්නත් ලබා දී අවසන් කරන දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත් කිරිමට රජය තීරණය බවද අධ්යක්ෂවරයා පැවසීය.
මේ වන විට අදාල එන්නත ලක්ෂ 180ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඉල්ලුම් කර ඇතැයිද එය කොටස් වශයෙන් මෙරටට ලැබීමට නියමිත බැවින් එසේ එන්නත ලැබෙන පිලිවෙල අනුව ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අධ්යක්ෂවරයා සදහන් කළේය.







