එන්නත්මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් වුවද අද (1) රට විවෘත කළ ද අනව්‍ය ගමන්බිමන්වල නොයදෙන්නැයි නියේජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් තිබුණද රෝගය තවදුරටත් සමාජයේ තිබෙන බැවින් යම් පුද්ගලයෙකු අනවශ්‍ය ගමන් බිමන් වල යෙදීම හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම ක්‍රියාත්මක නොකිරිම හේතුවෙන් නැවත කොවිඩ් වයිරස ආසාදනය විය හැකි යැයි හෙතෙම පෙන්වාදේ.
යම් හේතුවකින් රට තුළ නැවත කොවිඩ් පොකුරු බිහි වුණහොත් රට නැවත අගුලු දැමීමට සිදුවනු ඇති බවත් එසේ වුවහොත් ජනජිවිත නැවත කඩා වැටීම වැලැක්විය නොහැකි බවත් විශේෂඥවරයා අවධාරණය කරයි.
සමාජය තුළ වයිරසය තවදුරටත් පවතින බැවින් එන්නත ලබානොගත් පුද්ගලයින් සිටින්නේ නම් එය ලබා ගැනීමට වහාම කටයුතු කරන්නැයි ද එය සමාජ වගකීක් වනු ඇතැයි හෙතෙම පෙන්වාදේ.