දිනසේන රතුගමගේ –
යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ඊයේ (30) දැනුම් දුන්නාය.
යාපනයේ බොහෝ ස්ථානවල විවිධ ආකාරයේ අපරාධ හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුවන බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්.චාර්ල්ස් තමන් ඒ ගැන දැඩි කනස්සල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළාය.
යාපනයේදී අපරාධ සිදු කරන කොටස් බේරී පලා ගොස් දකුණු ප්‍රදේශයේ සැඟවී සිටින බවත් මෑතකදී එවැනි පිරිසක් අත් අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ මේ අපරාධ සිදු කරන පිරිස තවත් පිරිස් සමග අපරාධ ජාලයක් ඇති කරගෙන ඇති බවත් යැයි ද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.
යාපනයේ ජනතාව මේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ඉතා කඩිනමින් ලබා දෙන මෙන් ඉල්ලා සිටින උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඒ සඳහා ජනතාවට 0777229338 , 0768095139 යන දුරකතන අංකයන් දෙක ද ලබා දී තිබේ.