අද අලුයම දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව අද දිවයිනට නොපැමිණෙන බව බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවඩයක් නිකුත් කර ප්‍රකාශ කරයි.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් සහිතව හෙට එය දිවයිනට පැමිණෙනු ඇති බව ද අමත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.
අද සහ හෙට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරනු ඇති බවත් ඇමතිවරයා කියයි.
ඔටෝ ඩීසල් උපරිම ධාරිතාවෙන් බෙදා හරින නමුත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමා කරන්නට සිදුවී ඇති බවත් ඇමතිවරයා සිය ට්විටර් පණිවිඩයෙන් දන්වා සිටී.
Fuel cargo carrying 40,000 MT of Petrol 92 scheduled to arrive early this monring has been delayed by 1 day. Limited amount of Petrol to be distributed today and Tomorrow islandwide. Auto Diesel distributed at full capacity islandwide. Limited distribution of Super Diesel.
— Kanchana Wijesekera (@kanchana_wij) June 23, 2022