කිසිදු විශේෂ ගණයකට ඇතුළත් නොවන සියලුම රථවාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දාත් 3, 4 සහ 5 අංක සහිත වාහනවලට අඟහරුවාදා සහ සිකුරාදා දිනත් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
වාහන අංක තහඩුවේ අවසන් අංකය 6,7,8 සහ 9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වෙන් කිරීමට යෝජනා කර ඇ.ත.
කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා සතියකට හෝ මාසයකට අවශ්‍ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගත හැකි වේ.
-හිරු-