කීර්ති ප්‍රනාන්දු –
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා ( Vinay Kwatra ) ඇතුළු තවත් ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනකු අද (23) න කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ඒ ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දේශපාලනඥයන් පිරිසක් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීම සඳහාය.
ඔවුන් අද දින උදෑසන 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය රජයට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ ඇතුළු එ පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම ඉන්දීය දූත පිරිස , ඔවුන් පැමිණි ගුවන් යානයෙන් බැස ගත් වහාම කෙළින්ම කොළඹ බලා වූහ.
මෙම ඉන්දීය දූත පිරිස අද සවස 06.00 ට පමණ පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය .