අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පෙට්‍රල් හිඟය නිසා ඇතිවුන  රටට නොපෙනෙන විකල් මරණ ගැන බිහිසුණු හෙළිදරව්වක්…

by editor
ජූනි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • කොළඹ ජාතික රෝහලේ පිලිස්සුම් අනතුරු සියයට පනහකින් වැඩි වෙලා… මරණත් වැඩියි….

  • පෙට්‍රල් හිඟය නිසා නිවෙස්වල ගබඩා කරගෙන ඇති පෙට්‍රල් මෙම අනතුරුවලට හේතුවක්…

  • පෙට්‍රල් ගිනි ගැනීම් වෙනත් පිළිස්සීම් වගේ නොවෙයි… මාරාන්තිකයි… ඒ අවස්ථාවේ ප්‍රතිකාර කළත් පසුව ඇතිවන සංකූලතා නිසා මරණයට පත් විය හැකියි…

  • පිළිස්සුම් ප්‍රතිකාර සඳහා දරන අධික පිරිවැය සහිත ප්‍රතිකාර ක්‍රම මේ වනවිට නැවතිලා… තත්ත්වය පාලනය නොකළොත් රට තවත් අර්බුදයක….

මේ වනවිට    පිලිස්සුම් අනතුරු හේතුවෙන්  රෝහල්ගතවන  රෝගීන් සංඛ්‍යාව වෙනදාට වඩා  සියයට 50 ක්  දක්වා ඉහළ ගොස් ඇති බවත්,  නිවාස තුළ ගබඩා කොට තබා ගන්නා පෙට්‍රල් හේතුවෙන් මෙලෙස පිළිස්සුම් අනතුරු සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවට අනුමාන කළ හැකි බවත් කොළඹ ජාතික රෝහලේ  ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක ලංකාසරට පැවසුවේය.  

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක

ඔහු පෙන්වා දෙන්නේ  පෙට්‍රල් හිඟය හේතුවෙන්  නිවාස තුළ පෙට්‍රල් ගබඩා කරගෙන සිටින ජනතාව සිය ජීවිත දැඩි අවදානමකට පත්කරගෙන  ඇති ආකාරය ය.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක  අවධාරණය කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති පසුබිමක   තවදුරටත් මෙවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් එය තියුණු  සමාජ ගැටලුවක් බවට පරිවර්තනය වන බවය.

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්  විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

“ඉස්සර රෝහල් ගත වන පිරිස් අතරින් පිළිස්සුම් තුවාල ඇතිව රෝහල් ගතවුනේ භූමිතෙල් හෝ උණු වතුර හෝ විදුලි කාන්දුව නිසා   සිදුවූ පිළිස්සුම් අනතුරු නිසා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ නමුත් ඉකුත් සතියේ තුළ වැඩිම පිරිසක්  රෝහල්ගත කරලා තිබුණේ  පෙට්‍රල් නිසා ඇති වූ පිලිස්සුම් හේතුවෙන්. ඉන් වැඩි පිරිසක් ලිප පත්තු කිරීමට පෙට්‍රල් දැමූ අය.  සමහරු භූමි තෙල් කියා වැරදීමෙන් පෙට්රල් දැමූ අය. තවත් සමහරු ගිනිමැල පත්තු කිරීමට පෙට්රල් භාවිතා කළ අය. මේ අය අතරෙන් සෙල්ලම් කරනකොට පෙට්ටල් හැලුණු ගෑවිලා පිළිස්සුණු කුඩා දරුවනුත් සිටිනවා.පෙට්‍රල්l සමග ගනුදෙනුව ලේසියි පහසු නැහැ.  මෙහි අවදානම ඉතා වැඩි යි.“

“නිවාස තුළ  ගබඩා කරගෙන සිටින පෙට්‍රල් කියන්නේ  අනතුරකට අතවැනීමක්. මොකද  පෙට්‍රල් වාෂ්ප වී ඒවා එකතු වී තිබූ මොහොතක ක්ෂණිකව ගිනි ගැනීමේ හැකියාවද පවතිනවා . වාහනයක් තුළ වුවත් පෙට්රල් කෑන් ගබඩා කර තැබීමෙන් කොතැනක හෝ කුඩා සිදුරකින් වාෂ්ප වීමක් සිදුව තිබුනොත් ලයිටරයක් පත්තු කරන්න  උත්සාහ ගන්න අවස්ථාවේ දී  සම්පූර්ණ  ගින්නක් ඇති විය හැකියි..“

“ඉකුත් සතිය තුළ ජෙනරේටරයට තෙල් වත් කරන අවස්ථාවේ පසෙක ඉටිපන්දමක් තබා තැබීමෙන් ඇති වූ ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා පැමිණි දෙදෙනාම මිය ගියා.“

පෙට්‍රල් පිලිස්සුම් මාරක වන්නේ ඇයි?

“පෙට්රල් හේතුවෙන් ඇතිවන පිළිස්සුම් තුවාල සිරුරේ ගැඹුරටම ඇතිවෙනවා. භූමිතෙල් හෝ වෙනත් ද්‍රාවණයක් හේතුවෙන් ඇතිවන තුවාල එතරම් ගැඹුරට පිළිස්සී යන්නේ නැහැ.  නමුත් පෙට්‍රල්  නිසා ඇතිවෙන පිළිස්සුම යමක් සම්පූර්ණයෙන්ම දහනය කරන්න සමත් වෙනවා.“

“ඒ වගේම පෙට්‍රල් දහනය වෙද්දි සෙසු දහනයන්ට වඩා උෂ්ණත්වය ඉහළ යාමක් සිදු වෙනවා. ඒ කියන්නේ අධික රස්නයක් පවතිනවා. ඒ වගේම සිරුර හෝ වෙනත් ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම  ගිනි ගැනීමට ලක් වෙනවා.“

“ඒ වගේම පෙට්‍රල් හේතුවෙන් ඇතිවන පිළිස්සීමක් කියන්නේ මරණයක් සිදු වීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩියි.  මොකද පිලිස්සුණු අවස්ථාවේම ඊට ප්‍රතිකාර යෙදුවත් දින කිහිපයකින් හෝ මාසයකින් හෝ මාස දෙකකින් තුනකින් මියයාමට හැකි ප්‍රවනතාවය ඉහළයි.“

“එවැනි පිලිස්සීමකදී සිරුරේ වෙනත් සංකූලතා ඇති වීමෙන් මරණයට පත්වීමේ ඉඩකඩ ද තියනවා.“

“මේ හේතුවෙන්  පෙට්රල් නිසා ඇතිවෙන පිළිස්සීමක බරපතළකම ජනතාව වහා අවබෝධ කරගත යුතුයි.“

පිලිස්සුම් ප්‍රතිකාර අර්බුදයක

“යම් පිලිස්සීමකදී ප්‍රතිකාර සිදු කරන ක්‍රම කිහිපයක් තිබෙනවා.  ඒ අනුව දැනටත්   පිලිස්සුම් ප්‍රතිකාර සිදුකරමින් සිටිනවා. නමුත්  පවතින අර්බුද හමුවේ මේ වන විට රෝහල් මගින් එම  ප්‍රතිකාර සිදු කරන්නේ අප තුන්වන ලෝකයේ රටක් ලෙසයි. “

“මෙයට පෙර අපි දියුණු රටවල පිළිස්සුමකදී ප්‍රතිකාර සිදු කරන අන්දමටම ප්‍රතිකාර ලබා දෙමින් සිටියා.  නමුත් මේ වන විට එවැනි ප්‍රතිකාර සිදු කිරීමේ හැකියාවක් නැහැ.  දියුණු ප්‍රතිකාර සිදු කිරීමට නම් වැයවන මිල ඉතා ඉහළයි. ඇත්තම තත්ත්වය නම්  එය මේ මොහොතේ ජාතික ආර්ථිකයට දරා ගන්න බෑ. “

“ඒ නිසාම දේශීය වශයෙන් නිෂ්පාදනය කරගත හැකි සහ නිෂ්පාදනය කරන පිලිස්සුම් ප්‍රතිකාර සමග උපරිම ප්‍රතිකාර ලබාදීමට අප මේ වනවිට කටයුතු කරනවා. “

“පෙට්‍රල් ගබඩා කර තැබීමේ දී එය තමන්ගේ ජීවිතයට ගෙන එන හානිය ප්‍රබල බව ජනතාව තරයේ ම අවබෝධ කරගත යුතුයි.“

“අද වන විට පෙට්‍රල් මගින් ඇතිවන පිළිස්සුම් තුවාල ගණන 50% ක් නම් මේ තත්ත්වයට තම-තමන් ගේම අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී එය සියයට සියයක් වීම වළක්වන්න බැහැ. ”

අවසානයේ දී විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක සමාජයට කී කතාව මෙසේය.

“ඉන්ධන පිරවුම්හලක් කියන්නෙම අවධානයෙන් හැසිරිය යුතු අවදානමක් සහිත තැනක්.. තමන්ගෙ නිවස ඉන්ධන පිරවුම්හලක තත්ත්වට පත් කරගන්න එපා….“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් ආධාර දීම සඳහා සාකච්ඡාවට විශේෂ ගුවන් යානයකින් ඉන්දියානු විශේෂ දූත පිරිස ලංකාවට එති…

Next Post

අර්බුදය තැපෑලත් අවතැන් කරයි… හෙටයි අනිද්දයි තැපෑලට නිවාඩු… ග්‍රාමීය උප තැපැල් කාර්යාල මාසයක් වසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.